All about bookmarks(Firefox,IE,Chrome,Flock,Opera )

7:15 PM 1 Comments A+ a-

කලින් post එකෙන් මගේ followers 100 පන්නලා තිබුනා ඉතින් ඒ හැමොටම ස්තුති කරන්නත් බැරි වුනා. මොකද දැන් තමයි පොඩ්ඩක් නිදහසේ හුස්ම ටිකක් හරි ගන්නේ අපේ Exam ඉවරවුනා, ඉතින් අපහු Exam එකක් ලං වෙනකම් ආතල් තමයි.අද මම හදිස්සියේ ලියන්න ගත්තෙ ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුන නිසා අද මම කියන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් වැදගත් දෙයක් ගැන.මොකද මගේ නම් Browser එක Uninstall වුනොත් මගේ ගොඩක් වටින දේවල් නැතිවෙනවා (පට්ට web sites) වගේ.මොකද මම ඒවා Bookmark කරලා තමයි තියන් ඉන්නෙ ඉතින් මම අද කියන්න යන්නේ අපි use කරන ගොඩක් browser වල තියන මේ Bookmarks ගැන.
හරි අපි ඉස්සෙල්ලම කවුරුත් දන්න Firefox වලින් පටන් ගමු.

1) Firefox

  • Page එකක් BookMark කිරීම.
Firefox වල අපිට Bookmark එකක් කරගන්න ඕනනම් පහසුවෙන් bookmark icon එක (Address bar එකේ තියන තරුව) උඩ Click කිරීමෙන් හෝ Bookmarks-->Bookmark this page (ctr+D) මගින් අපිට අවශ්‍ය pageඑක Bookmark කරගන්න පුලුවන්.
  • Managing Bookmarks
Bookmarks--> Organize Bookmarks (ctr+shift+B)මෙතනදි අපි save කරගත්තු ඒවා අපිට අවශ්‍ය පරිදි වෙන වෙනම folder වලට දාගන්න ,Delete කරන්න,Manually add කරගන්න වගේ දෙවල් Organize වලින් කරගන්න පුලුවන්.
  • Exporting and Importing Bookmarks
මම මෙතනදි කියන්න හදපු වැදගත්ම දේ තමයි මෙක .අපිට BookMarks Export කරගන්න නම් කරන්න තියෙන්නෙBookmarks--> Organize Bookmarks-->Import and Backup-->Export HTML මෙතනදි අපිට .html එකක් විදියට අපේ BookMarks backup කරගන්න පුලුවන් .මෙතනදි තියන වාසිය තමයි මේ html file එක ඕනම browser එකකින් open කරගත්තම අපිට අපේ BookMarks ටික ඕන වෙලාවක ඕන තැනකදි ගන්න පුලුවන් වීම කරන්න තියෙන්නේ bookmarks.html file එක pen එකක දාගෙන යන එක විතරයි.
bookmarks Import කිරීමට නම් ,ඉහත ආකරයටම ගිහින් Import HTML තේරුවම අපිට පහත වගේ window එකක් ලැබෙනවා එකෙන් ඕනනම් අපේ වෙනත් browser එකක තියන BookMarks අපිට import කරගන්න පුලුවන්. අපිට අදාල browser එක පෙන්නනෙ නැත්නම් කරන්න තියෙන්නේ අවශ්‍ය browser එකෙන් ඉස්සෙල්ල Export කරගෙන From an HTML file මගින් import කර ගැනීමයි.


  • Live Bookmarks
Live Bookmarksකියන්නෙ අපේ සිංහල බ්ලොග් කියවනය ,අපේ බ්ලොග් ,වගේ නිතර Update වෙන pages වල feeds අපිට අපේ browser එකේ Bookmarks කරගන්න එක

කරන්න තියෙන්නේ මේ වගේ feeds තියන site එකකට අපි ගියාම එක feed සලකුන මගින් browser එක අපිට ඒ බව දැනුවත් කරනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ සලකුන උඩ click කරලා අවශ්‍ය feed එක තොරන්න. එතකොට අපිට පහත පරිදි ඒ feed එක බලා ගන්න පුලුවන්

දැන් තියෙන්නේ Subscribe කරලා එක Bookmarks tool bar එකට Add කරගන්න එක. මේ විදියට තමයි අන්තිමට පේන්නේ.
හිතුවට වඩා මේ එක ටිකක් දිග වැඩිවේගෙන එන්නෙ ඒක නිසා ඉතුරු ටික මම ටිකක් කෙටියෙන් ලියන්නම් මොනවා හරි අවුලක් තියනවනම් comment එකක් දාන්න.

2) Internet Explorer
  • Page එකක් BookMark කිරීම
Favorites-->add to favorites හෝ standards button වල තියන favorites button එක click කිරීම මගින් අපිට මේක කරගන්න පුලුවන්
  • Managing Bookmarks
favorites -->Organize favorites මෙතනදි අපි save කරගත්තු Bookmarks අපිට අවශ්‍ය පරිදි වෙන වෙනම folder වලට දාගන්න ,Delete කරන්න,Manually add කරගන්න වගේ දෙවල් Organize වලින් කරගන්න පුලුවන්.
  • Exporting and Importing Bookmarks
File --->Import and Export මෙතනදි අපිට පහත වගේ එකක් ලැබෙනවා එතනින් අපිට කරන්න ඕන මොකද කියලා තේරුවම හරි.


  • Live Bookmarks
IE වලත් Firefox වගේමයි feed icon එක click කිරීම මගින් පහත ආකාරයේ feed එක අපිට බලා ගන්න පුලුවන් එතනින් Subscribe කරල අපිට Bookmarks එකට add කරගන්න පුලුවන්.



3)Google Chrome
  • Page එකක් Bookmark කිරීම
පහසුවෙන් bookmark icon එක (Address bar එකේ තියන තරුව) උඩ Click කිරීමෙන්

  • Managing Bookmarks
Tools--->Bookmark manager මෙතනදි අපි save කරගත්තු Bookmarks අපිට අවශ්‍ය පරිදි වෙන වෙනම folder වලට දාගන්න ,Delete කරන්න,Manually add කරගන්න වගේ දෙවල් කරගන්න පුලුවන්.
  • Exporting and Importing Bookmarks
Tools--->Bookmark manager--->Organize මෙතනදි අපිට කරන්න ඕන Export Import කියන එක select කරන්න පුලුවන්

4) Flock
  • Page එකක් BookMark කිරීම
වෙන Browser වලට වඩා flock වල favorites icon එක ටිකක් වෙනස්. මේ icon එක click කිරීම හෝ favorites-->favorite this page මගින් අපිට page එකක් bookmark කරගන්න පුලුවන්.

  • Managing Bookmarks
favorites -->Organize favorites මෙතනදි අපි save කරගත්තු Bookmarks අපිට අවශ්‍ය පරිදි වෙන වෙනම folder වලට දාගන්න ,Delete කරන්න,Manually add කරගන්න වගේ දෙවල් Organize වලින් කරගන්න පුලුවන්.

  • Exporting and Importing Bookmarks
favorites--> Organize favorites



5) Opera
  • Page එකක් BookMark කිරීම


  • Managing Bookmarks

  • Exporting and Importing Bookmarks