Private browsing (porn mode) ගැන නොදත් කථා

මුලින්ම සමාව ඉල්ලනවා ගොඩක් කාලෙකින් මුකුත් ලියන්න බැරිවුනාට.විභාගත් ඉතින් ගොඩ දාගන්න එපැයි, Industry placement එකත් ඉගන ගත්තු තැනම ලැබුනා( UOC Network operating Center එකේ ) ඉතින් ඉස්සරහට එතනින් ගන්න ගොඩක් වටින දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තුවෙනවා ඉතින් මේ ජරමර අස්සෙ තමයි විවේකයක් ලැබුනු ගමන් ලියන්න ගත්තෙ අපේ බ්ලොග් කරුවන්ගේත් ලොකු ලොකු වෙනස්කම් මේ ටිකේ වෙලා වගේ...මම අද කියන්න යන්නෙ Private browsing ගැන අපි කවුරුත් මේ ගැන දන්නවා ඇතිනෙ ඒත් මම ටිකක් වැඩිපුර විස්තර ටිකක් මේ ගැන කතා කරන්නයි යන්නෙ මොකද Internet භාවිත කරන තමන්ගේ privacy එක ගැන උනන්දු වෙන කෙනෙක් මේ ටික දැන ගැනීම ඉතාම වටිනවා. අපි ඉස්සෙල්ලා බලමු අපි මොනවගේ වෙලාවලද මේ option එක භාවිතා කරන්නෙකියලා.

  • අහිතක් හිතන්න එපා ගොඩක් අය මේක යොදා ගන්නෙ porn බලන්න ඒකයි ගොඩක් අය මෙකට"Porn mode" එක කියලත් කියන්නේ.
  • වෙනත් අයගේ computerඑකක් භාවිතා කරන විට මොකද අපි භාවිතා කරන passwordවගේ දේවල් Browser එකට Save වෙන්න පුලුවන් නිසා.
  • Website වල Cookie සහ Session සම්බන්ධ testing සහ debugging කටයුතු සදහා.
  • Google Apps Accounts කීපයක් එකවිට භාවිතා කිරීම වගේ අවස්ථාවලදී
  • විශේෂයෙන් facebook වගේ social network භාවිතා කරනකොට අපි අපේ Browser එකේ History delete නොකලොත් වෙන අයට අපි කරන්නෙ මොනවද ,අපි කැමති මොනවද සහ අපේ සමහර පෞද්ගලික දේවල් වෙනත් අයට පහසුවෙන් දැන ගන්න පුලුවන් එය වැලැක්වීමට අපිට මෙම option එක භාවිතා කරන්න පුලුවන්.
  • කෙටියෙන්ම අපි කරන කිසිම දෙයක් Browser එකමගින් track කරන එක නතර කරන්න.


ඉතින් ඇත්තටම මේ Private browsing වලදි මොකද වෙන්නෙ කියල බැලුවොත් එහිදී මූලිකවම වෙන්නෙ අපි Browser එකේ භාවිතා කරන කිසිම තොරතුරක ලොග් සටහනක් Browser එක මගින් තාබා නොගැනීමයි.තවත් පැහැදිලිව කිව්වොත් අපේ Browsing History එක turn off කරනවා, අපි කරන Searches සහ Downloads ලොග් කිරීම නවතනවා, අපි Enter කරන කිසිම තොරතුරක් ගබඩා කරන්නෑ,අපේ Password මතක තියා ගන්නෑ සහ කිසිම විදියකින් Browser Cookies හදන්නෙත් නෑ

Private browsing වලින් 100%ක්ම අපිව අරාක්ෂා කරනවද?
  • ඇත්තටම නෑ.. මොකද Private browsing වලින් කරන්නෙ අපේ browser එක තොරතුරු log කරන එක වැලැක්වීම.ඒත් අපි අමතක කරන්න හොද නෑ firewall log සහ proxy වගේ දේවල් ඒවායිනුත් අපි කරන සියලු දේ track කරන බව මතක තියා ගන්න.
  • තව දෙයක් තමයි Flash player එක භාවිතා කරනවනම් Flash cookies මගිනුත් එහි වෙනමම තොරතුරු ගබඩා කරලා තබා ගන්නවා. අපි Private browsing use කරත් මෙය මගින් අපේ දත්ත track කරනවා. ඔයාලගේ Flash cookies මෙතනින් ( Flash Player: Website Storage Settings panel)බලාගන්න පුලුවන් වෙයි.
  • තවත් වැදගත් අපේ තොරතුරු අපි යන එන website track වෙන තැනක් තමයි Cashed DNS Entries මේ මගිනුත් අපි Private browsing use කරාට වෙන කෙනෙකුට අපි access කරපු website බලා ගන්න පුලුවන්. අපේ locally cashed වුනු මේ Entries අපිට "ipconfig/displaydns" (cmd එකේ)මගින් බලා ගන්න පුලුවන්. ඒ වගේම මේ Entries delete කරන්න අපිට "ipconfig/flushdns" use කරන්න පුලුවන්.

පහතින් තියෙන්නෙ විවිධ Browser මගින් මේ Private browsing option එක enable කරගන්න ආකාරයන්. ඉතින් මම හිතනවා අපි කවුරුත් අන්තර්ජාලය තුල තමන්ගේ පෞදිගලිකත්වය ගැන තවටිකක් උනන්දු වුනොත් හොදයි කියලා මොකද අපි නොහිත කරන දේවල් වලින් අපි ගැන ගොඩක් දේවල් වෙනකෙනෙකුට දැන ගන්න පුලුවන් නිසා.

  • Private Browsing Internet Explorer 7 and 8
  • Private Browsing Mozilla Firefox
  • Private Browsing (incognito mode) in Google's Chrome


ආතල් එකට හදපු wallpaper එකක් ඒකත් බලන්න කෝ...


ifo++ තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය

ifo++ එහෙමත් නැත්නම් Ideas free and open කියන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ UCSC එකේ සිසුන් සිදුකරනු ලබන සාමාජ සත්කාරයන්ගෙන් තවත් එක දැවැන්ත සත්කාරයක්. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය විසින් පලමු වරට සංවිධාන කරනු ලබන තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය දැනුම සොයන ඕනෑම කෙනෙකුට වසරකට වරක් පමණක් ලැබෙන අනගි අවස්තාවක්. වෙනත් සාම්ප්‍රදායික වු ප්‍රදර්ශන කාලාවෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයනට නව දැනුම සහ තාකෂණය විනොදාස්වාදය සමග එක්ව විදින්නට අවස්ථාව ඔබට මෙම තුලින් ලබා ගත හැක.මෙවර ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 28,29 සහ 30 යන දිනවල කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට මුල්වු අරමුණ වෙන්නේ UCSC කොළඹ විශ්ව විද්‍යාලයීයපරිගනක අධ්‍යාපනයට වසර 25ක් මේ වන විට සපිරීමයි(1985-2010). මෙම අධ්‍යනායතනය University of Colombo School of Computing නමින් ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් පමණක් වුවත් මෙය පලමුව ආරම්භ වන්නේ1985දී සංඛ්‍යාන හා පරිගනක විද්‍යා දෙපාර්තමේන්තුව ලෙසය. ඒ එකල විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාගේ මැදිහත් වීමෙන්. පසුව ජපානයේ JICA ආයතනයේ ව්‍යාපෘතියක් මහාචාර්ය සමරනායක මැතිතුමා විසින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමෙන් විද්‍යාගාර දේශන ශාලා සහ නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත ගොඩනැගිලි පරිශ්‍රිය ඉදිකිරීනු ලැබ 2002 කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය ආරම්භ වෙනවා.ඉතින් ලංකා ඉතිහාසයේ තොරතුරු සහ සන්නිවෙදන තාක්ෂණයේපියා වන එතුමාට ගරුකිරීමක් වශයෙනුත් ශ්‍රිලාංකිකයන් වෙනුවෙන් අප අධ්‍යයනායතනය (UCSC) මගින් ඉටුවිය යුතු වගකීමක් ඉටුකිරීම වස් මෙම දැවැන්ත සත්කාරය සිසුන්ගේ නිදහස් සහ විවෘත අදහස් මතින් දිග හැරෙන වගයි.


ප්‍රදර්ශනයේ ප්‍රධාන අංග:

  • Research Projects (UCSC සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ සිසුන් විසින් කරන ලද පර්යේෂණ)
  • Innovative Projects (UCSC සිසුන් අතින් නිර්මාණය වූ සුවිශේෂ මෘදුකාංග සහ අනෙක් නිර්මාණ)
  • Robotics Room
  • ICT Education Zone(පරිගනක ආශ්‍රිත දැනුම ඉහල දැමීම සඳහාම විශේෂයෙන් මෙම කලාපය)
  • Computer Museum (පළමු පර්ගනකයේ සිට පරිගනකයේ පරිනාමය)
  • ICT seminar series
  • Advanced Computer Science seminars
  • Shortfilm Competition
  • Game Zone
  • IT quiz
  • DJ and more...


නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න

    
ifo++ නිල වෙබ් අඩවිය

www.ifo.ucsc.lk

තින් හැම දෙනාටම අපේ මේ ප්‍රදර්ශනය බලන්න එන්න කියලා ආරාධනා කරනවා.

මේ තියෙන්නෙ මම අපේ ifo++ වෙනුවෙන් හදපු wallpaper 2ක් ඒකත් හොදද කියලා බලන්න කෝ.



joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #4(Adding Module[ccBoard Forum])

මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ විශේෂත්වය තමයි මම කලින් කියපු Community Builder module එකට මේක support කරන එක. ඒක නිසා අපිට CB එකෙන් අපේ site එකෙ register වන අයව automatically forum එකට ගන්න පුලුවන්. ඒවගේම එළකිරි වගේ මේකේ email update වැඩකරනවා.පහත තියෙන්නේ අමතර පහසුකම් වැඩි විස්තර ඕන නම් මේතන බලන්න.

  • Integrated with Joomla 1.5
  • Amazing Ease of Use
  • Multi-Language Support
  • One-touch migration from other popular forums
  • Voluminous Data
  • Easier Customization
  • Standalone-No third party components required
හරි ඔයාලට මෙතනින් ccboard forum module එක download කර ගන්න පුලුවන්.
(http://extensions.joomla.org/extensions/communication/forum/6823)
දැන් අපි බලමු මේක අපේ site එකට Install කරගන්නේ කොහොමද කියලා අපි CBඑක Install කර ගත්තු විදියටම තමයි කරන්න තියෙන්නෙ.


ඉහත ආකාරයට ගිහිල්ලා ඔයාල download කර ගත්තු ccBoard module එක browse දීල ඔයාලට පුලුවන් module එක site එකට Install කරගන්න. වැඩේ හරියට වුනානම් Components-->ccBoard ගියාට පස්සෙ මේවගේ ඔයාලට බලා ගන්න පුලුවන්.



දැන් තියෙන්නෙ site එකට අපේ forum එකේ link එකක් දෙන එක. ඒකට පහත පරිදි ඔයාල කැමති Menu එක තෝරගෙන New ගිහින් අවශ්‍ය ආකාරයට Layout එක තෝරගන්න.Default Layoutඑක දාගන්න එක තමයි හොද.








මෙතනින් ඔයාලට ප්‍රධාන ලෙස Forum link එකට නමක් සහ මොන අයට link එක Access කරන්න දෙනවද (Access level මගින්)කියන එක දෙන්න පුලුවන්.
දැන් තියෙන්නෙ ccboard එකෙ configuration හදා ගන්න. ඒකට Components-->ccBoard ගිහින් Global configuration තෝරන්න. මෙතනින් Basic setting වල ඉස්සෙල්ලා අපිට පුලුවන් forum එකට නමක් දෙන්න (1) සහ Theme එකක් තෝරගන්න(2) .
එතනම Advance Setting ගියොත් ඔයාලට තවත් ගොඩක් parameters දෙන්න පුලුවන් හෙමීට බලලා තමන්ට අවශ්‍ය විදියට හදාගන්න. මෙතන User profile to use :වලින් ඔයාලට forum usersලා ගන්නේ කොතනින්ද කියන එක තෝරන්න වෙනවා ඔයාල CB use කරානම් ඒක තෝරන්න. නැත්නම් අදාල එක තෝරන්න.
දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි ඔයාලට ccBoard configuration වල Forum Categories tab වලින් පුලුවන් forum එකේ thread manage කරගන්න. ඔයාල siteඑකේ හදාපු link එකට ගියොත් පහත ආකාරයට ඔයාලට forum එක බාලගන්න පුලුවන්.





Hosts file වැඩකිඩ (Blocking bad websites and more..)

අද මම කියන්න යන්නෙ එළකිරි ආතල් වැදගත් දෙයක් ගැන.අද මම කියන්න යන්නෙ කෙටියෙන්ම කිව්වොත්,
ආතල් එක

  • අපේ Browser එකේ www.facebook.com ගැහුවම www.google.lk එකට යන හැටි.
වැදගත්
  • අපිට අනවශ්‍ය කරදරකාර Ad Networks, Spyware, Shock sites..etc Block කරන හැටි
  • Websites වලට shortcuts දාගන්න හැටි උදා:- g ----> www.google.com
අපි හැමෝම website එකකට connect වෙනකොට කරන්නේ URL ( domain name) එකක් Browser එකේ ටයිප් කරන එක.එත් ඉන්ටර්නෙට් (TCP/IP protocol) එක හැමතිස්සෙම භාවිතා කරන්න්නෙ අදාල ip address එක (64.233.187.104 වගේ) ඉතින් ip එකක් අපිට මතක තියාගන්න ටිකක් අමාරු නිසා තමයි අපිට මතක තියාගන්න පහසු url එකක් අපි භාවිතා කරන්නේ. ඉතින් මේනිසා අපි දෙන url එක අදාල ip එක බවට පත්කරගෙන තමයි අදාල website එක අපිට හොයලා දෙන්නේ ඉතින් මේ වැඩේ කරන්නේ DNS server එකක් මගින්.
ඒත් මුල් අවධියේ අද වගේ DNS server තිබුනෙ නෑ.Network nodes map කරන එක කලේ වෙනවෙනම manually හදපු Hosts file එකක් මගින්. ඉතින් අදත් TCP/IP භාවිතා කරන ඕන Operating System එකක මේ Hosts file එක තියනවා. ඉතින් තියන විශේෂත්වය තමයි දැනුත් අපි අපේ computer එකෙන් domain name එකක් දුන්නම ඒක ඉස්සෙල්ලා කරන්නේ අපේ computer එකේ තියන Hosts file එකෙන් ඩොමේනයට අදාල ip එක හොයන එක එකේ නැති වුනොත් තමයි එයා DNS server එකක පිහිට පතන්නෙ.ඉතින් මේ දේ යොදාගෙන අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් ඒ ගැන තමයි අද කියන්නෙ.
ඉස්සෙල්ලා අපි බලමු මේ Hosts file එක අපේ computer එකේ කොහේද තියෙන්නෙ කියලා සහ ඒක edit කරන්නේ කොහොමද කියලා.
Unix, Unix-like, POSIX
/etc/hosts
Windows 95, 98, Me c:\windows\hosts
NT, 2000, XP, 2003, Vista, 7 c:\winnt\system32\drivers\etc\hosts or c:\windows\system32\drivers\etc\hosts
අපිට ඉහත විදියට ගිහින් hosts file එක notepad එකකින් open කර ගන්න පුලුවන් එහෙම නැත්නම් cmd එකට බර අයට මේවිදියටත් (c:\windows\system32\drivers\etc>edit hosts) පුලුවන් එතකොට පහත ආකාරයට අපිට එක බලා ගන්න පුලුවන්.

මෙතන ඔයාලට බලාගන්න පුලුවන් loop back එක කොහොමද දීලා තියෙන්නෙ කියලා .
127.0.0.1 localhost
මේ විදියටම තමයි අපිට අවශ්‍ය ip ටිකත් දෙන්න ඕන, හිතන්න අපිට google ip එකට www.google.lk දෙන්න ඕන කියලා,

64.233. 181.104 www.google.lk

මේවිදියට hosts file එක හදලා browser එකට
www.google.lk කියලා දුන්නම අපිව අරන් යන්නෙ මේ 64.233. 181.104 ip එකට.මේ විදියට host file එකේ ලියනකොට ip address එක සහ domain name එක අතර එක space එකක්වත් තියෙන්න ,ඕන ඒවගේම http://නොදාන්නත් මතක තියා ගන්න.

ආතල් එක
දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේකට කරන්න තියෙන්නෙ
www.google.lk වල ip එක හොයාගන්න විතරයි ඒකට www.google.lk වලට ping හරි tracert පාරක් දාන්න, දැන් පහත විදියට host file එකේ දැම්මම වැඩේ හරි.

64.233.181.104 www.facebook.com

දැන් www.facebook.com කියලා දුන්නම අපිට ලැබෙන්නෙ www.google.lk . ඔන්න ඉතින් දැන් තමන්ගෙ website එකට traffic වැඩි කරගන්න යන එන තැන්වල computer වල තමන්ගෙ website ip එක google වගේ එකකට map කරන්න එපා. :-s

වැදගත් ටික
අපිට Internet භාවිතා කරනකොට වෙනදෙයක් තමයි අපිට අනවශ්‍ය එක එක් වර්ගයේ වෙළද දැන්වීම් අපිට ලැබීම ගොඩක්ම අපිට අපේ page එකක් load වෙන්න වෙලා යන්නෙ මේවගේ වෙළදදැන්වීම නිසා.ඉතින් අපිට host file එක යොදාගෙන මේ වෙළද දැන්වීම් නවත්වන්න පුලුවන් මොකද මේවා හදන වෙනමම ආයතන තියන නිසා ඉතින් අපිට ඔවුන්ගෙ ip හදුනාගෙන ඒම ip කරන්න Block පුලුවන්. මේවගේම තවත් දෙයක් තමයි spyware කියන්නෙ මෙවගේ දේවල් ගොඩක් ආයතන අපි Internet එකේ මොනවද හොයන්නෙ අපි භාවිතා කරනsearching keywords මොනවද කියලා දැනගන්න කරනවා. ඉතින් මේවගේ කරදරකාරයින්ගෙන් බේරෙන්නත් අපිට මේ ක්‍රමේ යොදා ගන්න පුලුවන්.ඉතින් දෙවියනේ මේවගේ ඉන්න හැම එකාගෙම domain name දන්නෙ නෑ නේ......ඒකට අපිට උදව් කරන්න අය ඉන්නවා අපිට මේවගේ ගොඩක් කරදර කාරයො එකතු කරලා හදපු host file හොයා ගන්න පුලුවන් අපිට තියෙන්නෙ අපේ hostfile එකට copy කරගන්න විතරයි. කෝකටත් ටිකක් මොනවද තියෙන්නෙ කියලා බලලා දාගන්න.
අපි ඕනම domain එකක් block කරන්න කරන්නෙ ඒ domain එක 127.0.0.1එකට map කරන එක, එතකොට 127.0.0.1 කියන්නේ අපේම computer එක නිසා අපිටමයි ආපහු point වෙන්නෙ .

Shortcuts:-
මේ විදියට පහත ආකාරයට google වල ip එකට "g "කියලා map කරොත් අපිට browser එකෙ g type කරලා google වලට යන්න පුලුවන්.

64.233.181.104 g

මේ විදියට host file එකක් හදාගන්න එකේ තියන තව වාසියක් තමයි browser එකේ speed එක වැඩිවීම මොකද අපේ requestඑක DNS server එකකට ගිහින් එනකම් ඉන්නවෙන්නෙ නැති නිසා. ඒත් මේකේ තියන අවාසිය තමයි සමහර malicious software තියනවා ඒවට පුලුවන් මේ hosts file එක ඒයාට ඕන විදියට වෙනස් කරන්න ඉතින් එහෙම වුනොත් අපි හරියට url එක browser එකේ ටයිප් කරත් අපිව අරන් යන්නේ සමහර විට fake web site එකකට ඒක නිසා කෝකටත් මේ hosts file එක read only කරලා තිබුනොත් හොදයි.මම මේ කියපුවා පැහැදිලි නැත්නම් මේ වීඩියෝ එකත් බල්න්න කෝ...:-w