joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #3(Adding Module[Community Builder])

3:50 PM 10 Comments A+ a-

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන විස්තර මොනවහරි දැනගන්න ඕන නම් comment එකක් දාන්න.මෙතනත් බලන්න. joomla වල තියන වැදගත්ම දෙයක් තමයි මේ Extensibility එක.ඒ කියන්නෙ අපිට අවශ්‍ය පරිදි අපේ site එක වර්ධනය කර ගන්න නොයෙකුත් Extension (Modules,plugins)භාවිතා කීරීමට හැකි වීමයි.

ඔයාල joomla extension directory එකට ගිහින් බැලුවොත් දහස් ගාණක් free extension අපිට දැක ගන්න පුලුවන්.ඉතින් මේ ඕනම එකක් අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තෝරගෙන නොමිලේම අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් මේ අතරින් අද මම කතා කරන්න යන්නෙ Community Builder extension එක ගැන.අපේ එක Social site එකක් කර ගන්න නම්,Face Book වගේ site members ලට තමන්ගේ profile එකක් maintain කරමින් අනෙක් Membersලත් එක්ක සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න extension එක.මේකෙන් කරන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් මම කෙටියෙන් කියන්නම්.
  • joomla default login එකට වඩා ගොඩාක් හොද අපිට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන් වෙන registration process එකක් තිබීම.
  • Membersලට තමන්ගෙම profile එකක් maintain කිරීමට හැකිවීම.
  • Email or private message මගින් Membersල අතරෙ සම්බන්ධතා ගොඩනැංවීමේ හැකියාව.
More

හරි අපි දැන් බලමු මේ Community Builder extension එක අපේ site එකට ඇතුල් කර ගන්නෙ කොහොමද කියලා ඉස්සෙල්ලම මෙතනට ගිහින් CB එක download කර ගන්න . මෙතන තියන පොඩි අවුල තමයි අපිට මේක ගන්න නම් Joomlapolis site එකේ register වෙන්න ඕන.එත් මෙතන registerවෙන එක අපිට ගොඩක් වාසී මොකද මෙතනින් අපිට අපේ CBඑක අපේ විදියට හදා ගන්න ගොඩක් උදවු ගන්න පුලුවන් විවිධ plginsවර්ගත් නොමිලේ subscribersලට දෙනවා අවශ්‍යනම් ගෙවීමක් කරලා Membership එකක් ගන්නත් පුලුවන්. එතකොට ඉතින් ඕන දෙයක් කරගන්න පුලුවන් අපි ඉතින් නිකං ලැබෙන ටිකෙන් අපේ වැඩේ කරගමු ඒ ටිකෙන් අපිට ගොඩක් හොද එකක් හදා ගන්න පුලුවන්.
හරි දැන් අපි බාගත්තු CBඑක Extractකරාම පහත ආකාරයේ .zip ටිකක් තමයි අපිට ලැබෙන්නේ ඒ ටික වෙන වෙනම අපි අපේ site එකට upload කරගන්න ඕන. මම picture එකේ upload කරන්න ඕන පිලිවල අංක දාලා තියෙන්නෙ. ඔයාලා README-NEW-INSTALL.txt එක බැලුවොත් එකේ කරන්න ඕන ටික පැහැදිලිව තියනවා.(ඕනම extension එකක් upload කරන කොට live site එකට upload කරනවනම් backup එකක් තියා ගන්න එක ඇගට ගුණයි )

හරි දැන් අපිට අපේ CB එක හරියට වැඩද කියලා බාලාගන්න මෙතනින් පුලුවන්.


Components වලට CB එක මේ විදියට ඇවිත් තියේවි මෙතනින් Configuration වලට යන්න එතනත් උඩ කිසිම Error එකක් නැත්නම් වැඩේ හරි. Error එකක් තියනවනම් README-NEW-INSTALL.txt එක බලන්න එකෙ ගොඩක් සාමාන්‍යයෙන් එන Errors එගැන තියනවා.
දැන් කරන්න තියෙනේ Extention--->Module Manager ගිහින් joomla default එනlogin module එක disable කරල registration /login process එක CB එකට භාර දෙන එක අපිට කලින් register usersලා ඉන්නවා නම් ඒ අයත් CB එකට ගන්න පුලුවන්. මෙතනදි ඉස්සෙල්ලා Login, Workflows, Now online කියන CBඑකේ module තුන enable කරගන්න ඕන එකට ඉස්සෙල්ල වගෙ Extention--->Module Manager ගිහින් එතනදි එන window එකෙන් ඒ module තුන වෙන වෙනම Enable කරගන්න. උදාහරනයක් විදියට login module එක බැලුවොත් ඒක select කරලා NEW ගියාම පහත window එක ලැබෙනවා.ඉතින් එතනින් අපිට මේ login box එක අපේ site එකේ front-endඑකේ කොයි විදියට එන්න ඕන කියන එක සහ තවත් ගොඩක් parameters දෙන්න පුලුවන්.

ඉහත කිව්ව Module තුනම Enable කරලා අපිට අවශ්‍ය පරිදි සකසගත් පසු site එකේ පේන්නෙ මෙන්න මේවිදියට.
ඉතින් දැන් මෙතනින් අපේ site එකේ register වෙන අය ඔක්කොම අපිට Component->Community Builder-->User Management එකෙන් බලා ගන්න පුලුවන් ඒ වගේම අපේ registration form එකට අවශ්‍ය field එකතුකරන්න Component->Community Builder--> Field Management එකෙන් පුලුවන්. දැන් අපි අපේ Usersලට එයාලගේ profileඑක හදලා දෙමු.ඒකට ඉස්සෙල්ලා අපි ඒ profile ලින්ක් එක දෙන menu එක තෝර ගන්න. දැන් Back-end එකේ Menes tab එකේ drop down list එකෙන් අවශ්‍ය menu එක select කරන්න දැන් NEW.දැන් පහත window එක ලැබෙයි.

දැන් Community Builder select කරාම අපිට Usersලට දෙන්න පුලුවන් නොයෙක් features තියනවා


මේවා එකින් එක menu වලට දීලා අවශ්‍යවෙන ඒවා තෝරගන්න.මෙතනින් profile එක දෙන featureඑක තමයි User profile කියන්නේ ඉතින් අපි ඒක select කරමු.මෙතනදිත් අපිට link එකට අදාල parameter දෙන්න window එකක් එනවා ඒකේ සුදුසු දත්ත දීලා save කරන්න. එතන Access Level එක register කරන්න මොකද profile එක බලන link එක ඕන වෙන්නෙ register අයට විතර නිසා .දැන් ඔයාල දීපු menu එකට ලින්ක් එක ඇවිත් ඇති අපිට එතකොට site එක දකින්න ලැබෙන්නෙ මෙන්න මේවිදියට.

After login


Normal profile


After user edit his profile
මේ විදියට අපිට අවශ්‍ය පරිදි නොයෙකුත් Tab එකතු කරමින් ගොඩක් හොදවිදියට profile එක හදන්න පුලුවන් ඒ වගේම Community Builderඑක නොයෙක් plugins වලට support කරනවා ඉතින් මේදෙවල් යොදා ගෙන ගොඩක් ලොකු දෙයක් CB එකෙන් කරන්න පුලුවන් ඒත් දැනටමත් මේ post එක දිග වැඩි වුනා.ඊළග joomla පාඩමෙන් අපි ඒවා ගැන බලමු.දැනට ඔයාල පොඩක් test කරලා බලන්න ගොඩක් ලෙසියෙන් අපිටCB එක Customize කරන්න පුලුවන් මොනව හරි අපහැදිලි තැනක් තියනවා නම් comment එකක් දාන්න.