Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Hosts file වැඩකිඩ (Blocking bad websites and more..)

අද මම කියන්න යන්නෙ එළකිරි ආතල් වැදගත් දෙයක් ගැන.අද මම කියන්න යන්නෙ කෙටියෙන්ම කිව්වොත්,
ආතල් එක

  • අපේ Browser එකේ www.facebook.com ගැහුවම www.google.lk එකට යන හැටි.
වැදගත්
  • අපිට අනවශ්‍ය කරදරකාර Ad Networks, Spyware, Shock sites..etc Block කරන හැටි
  • Websites වලට shortcuts දාගන්න හැටි උදා:- g ----> www.google.com
අපි හැමෝම website එකකට connect වෙනකොට කරන්නේ URL ( domain name) එකක් Browser එකේ ටයිප් කරන එක.එත් ඉන්ටර්නෙට් (TCP/IP protocol) එක හැමතිස්සෙම භාවිතා කරන්න්නෙ අදාල ip address එක (64.233.187.104 වගේ) ඉතින් ip එකක් අපිට මතක තියාගන්න ටිකක් අමාරු නිසා තමයි අපිට මතක තියාගන්න පහසු url එකක් අපි භාවිතා කරන්නේ. ඉතින් මේනිසා අපි දෙන url එක අදාල ip එක බවට පත්කරගෙන තමයි අදාල website එක අපිට හොයලා දෙන්නේ ඉතින් මේ වැඩේ කරන්නේ DNS server එකක් මගින්.
ඒත් මුල් අවධියේ අද වගේ DNS server තිබුනෙ නෑ.Network nodes map කරන එක කලේ වෙනවෙනම manually හදපු Hosts file එකක් මගින්. ඉතින් අදත් TCP/IP භාවිතා කරන ඕන Operating System එකක මේ Hosts file එක තියනවා. ඉතින් තියන විශේෂත්වය තමයි දැනුත් අපි අපේ computer එකෙන් domain name එකක් දුන්නම ඒක ඉස්සෙල්ලා කරන්නේ අපේ computer එකේ තියන Hosts file එකෙන් ඩොමේනයට අදාල ip එක හොයන එක එකේ නැති වුනොත් තමයි එයා DNS server එකක පිහිට පතන්නෙ.ඉතින් මේ දේ යොදාගෙන අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් ඒ ගැන තමයි අද කියන්නෙ.
ඉස්සෙල්ලා අපි බලමු මේ Hosts file එක අපේ computer එකේ කොහේද තියෙන්නෙ කියලා සහ ඒක edit කරන්නේ කොහොමද කියලා.
Unix, Unix-like, POSIX
/etc/hosts
Windows 95, 98, Me c:\windows\hosts
NT, 2000, XP, 2003, Vista, 7 c:\winnt\system32\drivers\etc\hosts or c:\windows\system32\drivers\etc\hosts
අපිට ඉහත විදියට ගිහින් hosts file එක notepad එකකින් open කර ගන්න පුලුවන් එහෙම නැත්නම් cmd එකට බර අයට මේවිදියටත් (c:\windows\system32\drivers\etc>edit hosts) පුලුවන් එතකොට පහත ආකාරයට අපිට එක බලා ගන්න පුලුවන්.

මෙතන ඔයාලට බලාගන්න පුලුවන් loop back එක කොහොමද දීලා තියෙන්නෙ කියලා .
127.0.0.1 localhost
මේ විදියටම තමයි අපිට අවශ්‍ය ip ටිකත් දෙන්න ඕන, හිතන්න අපිට google ip එකට www.google.lk දෙන්න ඕන කියලා,

64.233. 181.104 www.google.lk

මේවිදියට hosts file එක හදලා browser එකට
www.google.lk කියලා දුන්නම අපිව අරන් යන්නෙ මේ 64.233. 181.104 ip එකට.මේ විදියට host file එකේ ලියනකොට ip address එක සහ domain name එක අතර එක space එකක්වත් තියෙන්න ,ඕන ඒවගේම http://නොදාන්නත් මතක තියා ගන්න.

ආතල් එක
දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේකට කරන්න තියෙන්නෙ
www.google.lk වල ip එක හොයාගන්න විතරයි ඒකට www.google.lk වලට ping හරි tracert පාරක් දාන්න, දැන් පහත විදියට host file එකේ දැම්මම වැඩේ හරි.

64.233.181.104 www.facebook.com

දැන් www.facebook.com කියලා දුන්නම අපිට ලැබෙන්නෙ www.google.lk . ඔන්න ඉතින් දැන් තමන්ගෙ website එකට traffic වැඩි කරගන්න යන එන තැන්වල computer වල තමන්ගෙ website ip එක google වගේ එකකට map කරන්න එපා. :-s

වැදගත් ටික
අපිට Internet භාවිතා කරනකොට වෙනදෙයක් තමයි අපිට අනවශ්‍ය එක එක් වර්ගයේ වෙළද දැන්වීම් අපිට ලැබීම ගොඩක්ම අපිට අපේ page එකක් load වෙන්න වෙලා යන්නෙ මේවගේ වෙළදදැන්වීම නිසා.ඉතින් අපිට host file එක යොදාගෙන මේ වෙළද දැන්වීම් නවත්වන්න පුලුවන් මොකද මේවා හදන වෙනමම ආයතන තියන නිසා ඉතින් අපිට ඔවුන්ගෙ ip හදුනාගෙන ඒම ip කරන්න Block පුලුවන්. මේවගේම තවත් දෙයක් තමයි spyware කියන්නෙ මෙවගේ දේවල් ගොඩක් ආයතන අපි Internet එකේ මොනවද හොයන්නෙ අපි භාවිතා කරනsearching keywords මොනවද කියලා දැනගන්න කරනවා. ඉතින් මේවගේ කරදරකාරයින්ගෙන් බේරෙන්නත් අපිට මේ ක්‍රමේ යොදා ගන්න පුලුවන්.ඉතින් දෙවියනේ මේවගේ ඉන්න හැම එකාගෙම domain name දන්නෙ නෑ නේ......ඒකට අපිට උදව් කරන්න අය ඉන්නවා අපිට මේවගේ ගොඩක් කරදර කාරයො එකතු කරලා හදපු host file හොයා ගන්න පුලුවන් අපිට තියෙන්නෙ අපේ hostfile එකට copy කරගන්න විතරයි. කෝකටත් ටිකක් මොනවද තියෙන්නෙ කියලා බලලා දාගන්න.
අපි ඕනම domain එකක් block කරන්න කරන්නෙ ඒ domain එක 127.0.0.1එකට map කරන එක, එතකොට 127.0.0.1 කියන්නේ අපේම computer එක නිසා අපිටමයි ආපහු point වෙන්නෙ .

Shortcuts:-
මේ විදියට පහත ආකාරයට google වල ip එකට "g "කියලා map කරොත් අපිට browser එකෙ g type කරලා google වලට යන්න පුලුවන්.

64.233.181.104 g

මේ විදියට host file එකක් හදාගන්න එකේ තියන තව වාසියක් තමයි browser එකේ speed එක වැඩිවීම මොකද අපේ requestඑක DNS server එකකට ගිහින් එනකම් ඉන්නවෙන්නෙ නැති නිසා. ඒත් මේකේ තියන අවාසිය තමයි සමහර malicious software තියනවා ඒවට පුලුවන් මේ hosts file එක ඒයාට ඕන විදියට වෙනස් කරන්න ඉතින් එහෙම වුනොත් අපි හරියට url එක browser එකේ ටයිප් කරත් අපිව අරන් යන්නේ සමහර විට fake web site එකකට ඒක නිසා කෝකටත් මේ hosts file එක read only කරලා තිබුනොත් හොදයි.මම මේ කියපුවා පැහැදිලි නැත්නම් මේ වීඩියෝ එකත් බල්න්න කෝ...:-w




How to Recover Hacked Email Accounts?

මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google talk , Google maps , feedburner publisher සහ තවත් බොහෝ වෙනත් account රාශියක් ක්‍රියා කරන්නෙ. ඉතින් බැරි වෙලාවත් මගේ gmail එක කවුරු හරි Hack කරලා මගේ password වෙනස් කරලා තිබුනොත් sorry තමයි මොකද මට එහෙම උනොත් මගේ ඉහත කී එක site එකකටවත් යන්න බැරි වෙනවා.මට නම් ඒක හිතනකොටත් මොකද්ද වගේ ඉතින් මේ වගේ වෙලාවක කවුරු හරි අපේ account එක Hack කරලා තිබුනොත් අපි එකෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද ,අපි අපේ Account එක නැවත ගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න තමයි අද හදන්නේ.
තවදෙයක් තමයි අපිට හිතෙනවනම් අපේ account එකට තව කෙනෙක් log in වෙනවා කියලා අපිට ඒක හරියටම gmail වල නම් පහත රූපසටහනේ පරිදි තියන last account activities වල detail මගින් දැන ගන්න පුලුවන් එතනින් අපේ account එකට login වුනු හැම කෙනෙක්ගෙම IP සහ ඒ අයlog in වුනු වෙලාව පහත පරිදි සටහන් වෙනවා. හරි දැන් අපි අපේ මුලින් කී දේ ගැන බලමු.

  1. G-mail සඳාහා
Gmail වලටනම් අපේ account එක recovery කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා.පලමු ක්‍රමේ තමයි මෙතනට ගිහින් password එක reset කරන එක මෙතන මුලින්ම එන්නෙ අපිට අපේ password reset කරනgmail එක දෙන්න.

ඊට පස්සෙ අපිට ලැබෙන්නේ මේ window එකමෙතනදි තමයි අපිට අපි අපේ google account එකේ password recovery options ටික වැදගත් වෙන්නෙ ඉතින් ඔයාල කියවල බැලුවොත් තේරෙයි අපිට password reset කරන ලින්ක් එක, අපි අපේ google account එකේ දීපු recovery email address එකට තමයි යවන්නේ.මෙතනදි තියන වාසිය තමයි අපේ account එක වෙන කෙනෙක් password reset කරන්න හැදුවත් අපිට ඒක දැනගන්න පුලුවන් වෙන එක. ඉතින් අපි අපේ recovery email address එක විදියට වෙනස් password එකක් යොදාගත්තු account එකක් භාවීතා කිරීම ඉතා වැදගත්.google account එකට ගියොත් පෙනෙයි දැන් අපිට අපේ phone number එකත් recovery option එකක් විදියට දෙන්න පුලුවන් එතකොට password reset code එක sms එකක් මගින් එවනවා. පහත තියෙන්නෙ අපේ recovery email address එකට එවන mail එක .එතන ලින්ක් එක මගින් අපිට අපේ password එක reset කරගන්න පුලුවන්.
අපිට මේ ක්‍රමේට කරගන්න පුලුවන් වෙන්නෙ අපේ password recovery options ටික වැඩනම් නේ. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ අපේ account එක hack කරපු කෙනා මේ options ටිකත් වෙනස් කරන එක ඉතින් එහෙම කරලා තිබුනොත් අපිට තියන එකම පිහිට තමයි Account Recovery Form එක.
මෙතන ඉතින් ප්‍රශ්න පත්තරයක්ම තියනවා උත්තර දෙන්න අපි ඒවට කොච්චර නිවැරදිව උත්තර දෙන එක මත තමයි googleලා අපිට අපේ accountඑක නැවත දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.මොකද මේ ප්‍රශ්න පහත තියනවා එවායින් බලන්නේ ඇත්තටම මේ recover කරන්න හදන්නේ තමන්ගෙම account එකද කියලා.නැත්නම් කවුරුත් අනුන්ගේ ඒවත් recover කරයි නේ.

2.Yahoo සහ Hot mail සදහා

අවාසනාවට මේවට නම් තියෙන්නෙ එකම පිලිසරණයි. ඒ password recovery options වල secret questions එකට උත්හර දීලා හරි secondary email option එක මගින් recover කරගන්න එක. Forgot password link මගින් මේදේ කරගන්න පුලුවන්.

වැඩිදුර විස්තර ඕනනම් මේවත් බලන්න



Hacking ඇස්දෙකෙන්ම බලන්න(Real Time Phishing)


අද මම කියන්න යන්නේ අපි ගොඩක් අය අරක්ෂාකරී කියන් හිතුමතේට භාවිතා කරන ගොඩක්ම අනාරක්ෂිත Internet, භාවිතා කරන ගොඩක් අයට මුහුණ පාන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන.අපිට තියන ලොකුම ගැටලුව තමයි අපි කොහොමද අපේ පෞද්ගලිකත්වය (privacy) මෙතරම් විවෘත්ත අන්තර්ජාලය තුල රැක ගන්නෙ කියන එක.මෙතනදි අපිට ගොඩක් වෙන්නෙ අපේ facebook, gmail,....etc නොයෙක් online account වල අපේ user name, password හොරෙන් ගන්න එක. ඉතින් මම කලින් post ගණනාවකදිම මේ ගැන ඔයාලට කිව්වා.ඉතින් අපෙන් මේ අපේ sensitive data ගන්න ක්‍රම ගොඩක් තිබුනත්(මේ ගොඩක් ක්‍රම Direct hacking නොව අපේ නොසැලකිලිමත් කම ප්‍රයෝජනයට ගන්නා ක්‍රමය ) ගොඩක්ම 75% වඩා සාර්ථක ක්‍රමයක් ලෙස යොදා ගන්නෙ phishing.ඉතින් කලිනුත් මම මෙ ගැන කතා කරා එත් අද හදනනෙ phishing ගැන කතා කරන්න නෙමෙයි.හදපු මේ වගේ phishing email එකක ප්‍රායෝගික අත්දැකීමක් ඔයාලට දෙන්න. මම මෙක කලේ වැරදි වැඩකට්නම් නෙමෙයි. එත් මම මේක අපේ යාලුවො කීප දෙනෙකුටම යැව්වා එත් ඒ අයගේ password ගත්තෙනම් නෑ. මට ඕන කම තියෙන්නෙ කාටත් අපි මේ ගොඩක් හොදයි කියන අන්තර්ජාලේ ඇත්තටම ලොකු ජංජාලයක් කියලා කියන්න විතරයි අපි රවට්ටන අපිට හානි කරන්න ගොඩක් අය ගොඩක් විදියට බලන් ඉන්නවා ඉතින් කිසිම විදියකට මේ අන්තර්ජාලේ ගැන වැඩිපුර විශ්වාස කරන්න නම් එපා. විශේෂයෙන් අපි ගොඩක් අය අපේ පෞද්ගලිකත්වය ගැන හිතනකොට පරිස්සම් වෙන්න ඕන තැනක් තමයි facebook කියන්නෙ ඒ ගැනත් ටිකක් හිතන්න.
හරි කතා ඇති දැන් වැඩෙ බලමු පහල තියෙන්නෙ Hackerගෙන් අපිට එන mail එක.මේ වගෙ mail එන්නෙ ගොඩක් professional විදියට. කොහොම හරි කියලා අපිට එකෙ තියන link එකක් click කරන තැනට තමයි එක එන්නෙ.මෙකෙ විදියටත් අපිට ලින්ක් එකට යන්නම වෙනවා මොකද මේක Gmail Team කියන නමින් එන්නෙ, ඒ වගේම අපේ account එක ගැන කියන්නෙ ඉතින් ඔයලත් ලින්ක් එක click කරලා බලන්න.හැබැයි එකෙන් එන page එක මම ටිකක් වෙනස් කරා නැත්නම් මට ලෙඩක් වැටෙන්න පුලුවන් නිසා. අපිටකිසිම සැකයක් ඇති නොවෙන විදියට තමයි මේක හදලා තියෙන්නෙ.




GmailTeam to me show details Mar 21 (2 days ago)

Dear Customer;

Your email have been report to be in violation of our policies and need to reconfirm your account in order to avoid suspend or terminate your account please use following link and confirm your account using your login detail.We are moving database partly to our new server. This require your account verification for proper redirection...!Sorry for inconvenient.

http://mail.google.com/conformationyouraccount/support/bin/conformationproccess

To uphold the quality and reputation of Google Gmail, your use of Gmail is subject to these program policies. If you are found to be in violation of our policies at any time, as determined by Google in its sole discretion, we may warn you or suspend or terminate your account. Please note that we may change our policies at any time, and pursuant to our Terms of Use, it is your responsibility to keep up-to-date with and adhere to the policies posted here. Prohibited Actions In addition to (and/or as some examples of) the violations described in Section 3 of the Terms of Use, users may not:
  • Generate or facilitate unsolicited commercial email ("spam"). Such activity includes, but is not limited to
  • sending email in violation of the CAN-SPAM Act or any other applicable anti-spam law
  • imitating or impersonating another person or his, her or its email address, or creating false accounts for the purpose of sending spam
  • data mining any web property (including Google) to find email addresses
  • sending unauthorized mail via open, third-party servers
  • sending emails to users who have requested to be removed from a mailing list
  • selling, exchanging or distributing to a third party the email addresses of any person without such person's knowing and continued consent to such disclosure
  • sending unsolicited emails to significant numbers of email addresses belonging to individuals and/or entities with whom you have no preexisting relationship
  • Send, upload, distribute or disseminate or offer to do the same with respect to any unlawful, defamatory, harassing, abusive, fraudulent, infringing, obscene, or otherwise objectionable content
  • Intentionally distribute viruses, worms, defects, Trojan horses, corrupted files, hoaxes, or any other items of a destructive or deceptive nature
  • Conduct or forward pyramid schemes and the like
  • Transmit content that may be harmful to minors
  • Impersonate another person (via the use of an email address or otherwise) or otherwise misrepresent yourself or the source of any email
  • Illegally transmit another's intellectual property or other proprietary information without such owner's or licensor's permission
  • Use Gmail to violate the legal rights (such as rights of privacy and publicity) of others
  • Promote or encourage illegal activity
  • Interfere with other Gmail users' enjoyment of the Service
  • Create multiple user accounts in connection with any violation of the Agreement or create user accounts by automated means or under false or fraudulent pretenses
  • Sell, trade, resell or otherwise exploit for any unauthorized commercial purpose or transfer any Gmail account
  • Modify, adapt, translate, or reverse engineer any portion of the Gmail Service
  • Remove any copyright, trademark or other proprietary rights notices contained in or on the Gmail Service
  • Reformat or frame any portion of the web pages that are part of the Gmail Service
  • Use the Gmail Service in connection with illegal peer-to-peer file sharing
Enjoy! The Gmail Team Verification code: 89452927-c40cce4d-ddc5c152dd Please keep this email for your records, as it contains an important verification code that you may need should you ever encounter problems or forget your password. If you didn't create this Gmail address and don't recognize this email, please visit: http://mail.google.com/support/bin/answer.py?answer=354400

දැන් ඉතින් කවුරු හරි මෙතන තමන්ගෙ user name ,password දුන්නොත් ඒ user name ,password hackerගේ email account එකට යනවා,අපිව gmail වලට redirect වෙනවා. මෙක කොහොමද කියලා බලන්න උඩ mail එකේ කියන link එකට ගිහින් ඔයාල මොනව හරි දීලා මේ තියන gmail account එකට(මම Hackerගෙ gmailඑක hackකරා හික්..:-w) log වෙලා බලන්න ඔයාල දිපු password ඇවිත්ද කියලා.






  • Username = charithdeshapriya@gmail.com
  • Password= charithblog
(කරුණාකරලා මේ account එකේ password වෙනස්කරන්න යන්න එපා මේක දැක්කම තමා මේකෙ බරපතල කම තේරෙන්නෙ එකයි මෙහෙම දැම්මෙ)
***බලන්න අච්චර කියලත් කවුරු හරි gmail accountඑකේ passwordඑක වෙනස් කරලා.මම එක හදලා දැම්මෙ එහෙම වෙනවා කියලා දැක්කම තමයි ගොඩක් අයට තේරෙන්නෙ එත් මෙවගෙ අය නිසා අනිත් අයට තියන අවස්ථාවත් නැති වෙනවා. අවුලක් නෑ මගේ fake site එකෙ දෙන DATA දැන් ඒ account එකට යන්නෑ මට එන්නේ ඒ නිසා සොරි වෙන්න ඕන මේ gmail account එක දැන් වැඩ නෑ ..අපහු අදලා දැම්මත් තෙරුමක් නැති වෙයි..***

මේ විදියටම තමයි අපේ sensitive data වෙන අය ගන්නෙ. මෙතන තියෙන්නෙ ටිකක් ප්‍රාථමික ගණයෙ එකක් හිතන්න දක්ෂ Hacker කෙනෙකුට අපිව කොහොමට අන්දන්න පුලුවන්දකියලා....? දැන් අපි බලමු මේ වගේ එකක් අදුර ගන්නෙ කොහොමද කියලා මම මේ ටික කලින් පොස්ට් එකකත් ලිව්වා ඒත් මේක ගොඩක් වැදගත් නිසා නැවතත් ලියනවා.

  • මුලින්ම ඔයාල phishing mailඑකේ ඒ ලින්ක් එක උඩට ගිහින් යට අපේ Browser එකේ ලින්ක් එක පෙන්නන bar එක දිහා හෝ පහත රූපයේ පරිදි බැලුවොත් ඔයාලට පෙනෙයි mail එකේතියන ලින්ක් එක නෙමෙයි ඇත්ත එක කියලා මොකද එකේ තියෙන්නෙ අපිව රවට්ටන්න අපේ විශ්වාසය දිනා ගන්න පුලුවන් වෙන එකක් ඒත ඇත්ත එක අපිව ගෙනියන්නෙ fake site එකට.

example of a masked Web address

  • තියන අනිත්හොදම ක්‍රමය තමයි රාජ්කාරී ස්වරූපයෙන් හෝ පැමිනෙණ නොදන්නා e-mail වල link භාවිතා නොකර සීටීම(pharming වලින් ආරක්ෂා වෙන්න තියන හොඳම ක්‍රමයත් මෙක. ) එසේ කල නොහැකි අවස්තාවල Link භාවිතා කිරීමෙන් login interface එකක් ලබෙනවා නම්,ඔබේ දත්ත ඇතුලත් කිරීමට පෙරaddress bar එකේ බලන්න https protocol එකද use කරන්නෙ කියලා https (Hypertext Transfer Protocol Secure )නම් එය fake interface එකක් නොවන බව තහවුරු කර ගත හැකියි. එත් ගොඩක් facebook වගෙ sites තවම https protocol භාවිතා කරනනෑ..



Gmail SSL (Secure Socket Layer) feature

  • G-mail නම් ඔබේ password සහ username https මගින් අරක්ෂා කරලා තියෙන්නෙ ඒ නිසා G-mail login වෙනකොට් login page URL එක https එකක් නෙමෙයි නම් එක අනිවාර්යෙන්ම fake login page එකක් G-mail සපයන තවත් සේවාවක් තමයි Gmail SSL (Secure Socket Layer) feature එක එමගින් අපි account එකට login වුනාට පස්සෙත් අපි https මගින් අපේ තොරතුරු ආරක්ෂා කිරීම සිදුකරනවා.සාමාන්‍යයෙන් ලොගි මගින්වුනාට පස්සෙ භාවිත වෙන්නෙ http කියන protocol එක .පහත අකාරයට මේ feature එක enable කරගන්න පුලුවන්.

Login to Gmail > Go to Settings > General > Browser Connection

අනවශ්‍ය දෙවලුත් ලිව්වද මන්දා එත් තමන්ගෙ ආරක්ෂාවට මේ දේවල් වැදගත් වේවි කියල හිතනවා.
*මේ දේවල් සියල්ල තමන්ගේ දැනුවත්වීම සදහා පමණි



Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )

ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනු‍යි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට පිලිතුරු මේ post එකෙන් ලැබෙයි කියලා හිතනවා. මොකද අද කතා කරන්න යන්නෙ Hardware-based keyloggers ගැන නිසා. Hardware-based keyloggers ගැන කතා කරනකොට cafe වලට එහෙම යන අය ගොඩක්ම පරිස්සම් වුනොත් හොදයි, විශේෂයෙන් අපේ රවින්ද්‍ර වගේ(FOSS) අයත්,Pen drive එකෙන් machine එක බූට් කරන් තමන්ගෙ OS එකේ කිසිම කරදරයක් නෑ කියලා හිතන් ඉන්න අයත් පරිස්සම් වුනොත් හොදයි මොකද Hardware-based keyloggers වලට OS එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නොවෙන නිසා.

Hardware-based keyloggers ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් තියනවා.මේවාගෙන් ගොඩක්ම භාවිතයේ තියෙන්නෙ සමන්‍ය PS/2, USB Hardware keyloggers එක. මෙක Machine එකත් Keyboard එකත් අතරට සවිකරලා තමයි තියෙනෙ.මෙකෙන් කරන්නෙ හැම Keystrokes එකක්ම අරගෙන keylogger එක ඇතුලෙ තියන EPROM (non volatile) memory එකෙ ගබඩා කරන එක(keylogger එකේ memory full වුනාම පරණ data delete වෙලා අලුත් data overwrite වෙනවා ).අවශ්‍ය වෙලාවට අදාල password එක Notepad එකක හරි text editing program එකක දුන්නම ගබඩා කරගතු දත්ත අපිට බලා ගන්න පුලුවන්.















(Notepad එකකින් ගබඩා කරන ලද data ගැනීම)

Hardware-based keyloggers වල වාසි.

  • Physically නිරීක්ෂණය කිරිමකින් තොරව කිසිම software එකකින් හදුනා ගත නොහැකි වීම
  • Computer එක boot වීම අරම්භයත් සමඟ keylogger එක active වන නිසා OS login password වුනත් ලබා ගත හැකි වීම.
  • ඕනෑම Operating System( OS) එකක ක්‍රියාත්මක විම.
  • Computer එක format කලත් එය dual boots වුනත් keylogger එකේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවීම.

(USB/PS2 Hardware Keyloggers)


Hardware-based keyloggers වලින් වැලකෙන්නෙ කොහොමද?
  • Hardware Keyloggers තිබේ දැයි p hysically නිරික්ෂණය කිරීම
  • On-screen keyboard එකක් භාවිතා කිරීම ( Windows XP, Start >> All Programs >> Accessories >> Accessibility >> On Screen Keyboard)
  • Password භාවිතා කිරීමෙදි එක වරම ලබා දීමෙන් තොරව වෙනත් keystrokes සමග මිශ්‍රව භාවිතා කිරීම. එවිට hackerට අපෙ password අනිත් අකුරුත් එක්ක මිශ්‍රව තියෙන නිසා අදුර ගන්න අමාරැ වෙන්නවා
  • Internet Cafe නොයා සිටිම හෝ සැක සහිත computers භාවිතා නොකර සිටීම.








(මේකනම් දැක්කත් අදුර ගන්න බැරි වෙයි. හොදට බලා ගන්න.)


ඇනෙකුත් Hardware-based keyloggers වර්ග තමයි

  • Wireless Keylogger sniffers-මෙවා‍ use කරන්නෙ wireless keyboard වලට
  • Firmware- keyboard events handle කරන BIOS reprogrammed කිරීම මගින් keystrokes ගබඩා කරයි
ඉතින් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගත්තොත් හොදයි නේද?


Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු II


කලින් post එකේදි මම කිව්වා වගේ අද මම කියන්න යන්නෙ ගොඩක් අය වැඩ පෙන්වන්න භාවිතා කරන keyloggers ගැන.කලින් post එකෙදි සදහන් කරපු phishing pharming වලට අමතරව accounts Hack කරන්න බහුලවම භාවිතා කරන්නෙ keyloggers මොකද මේක තමයි ලේසිම ක්‍රමය.keyloggers ගැන කතා කරද්දි පොදු පරිගණක භාවිතා කරන අය මේ ගැන ගොඩක්ම අවදානය යොමු කරන්න වෙනවා.මේ හැම දේකින්ම වැළකී සිටීමට ඒ ගැන දැනුවත් වීම ඉතා වටිනවා නේද...keyloggers ප්‍රධාන වශයෙන් වර්ග 2ක් තියනවා..


1.Software-based keyloggers

2.Hardware-based keyloggers

පලමුවෙන් කථා කරන්න යන්නෙ Software-based keyloggers ගැන.මේවා පරිගණකවල මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මකවිමට නිපදවපු මෘදුකාංග වර්ගයක්.තාක්ෂණික වර්ගීකරනයන්ට අනුව මේ keyloggers තවත් වර්ග කීපයකටම බෙදෙනවා.(Hypervisor-based, Kernel-based ,Hook-based,Passive Methods, Form Grabber based etc)මේ තියෙන්නෙ මම භාවිතා කරලා බලපු Software-based keylogger එකක(ඕන නම් මෙතනින් අරගෙන බලන්න) screen shot ටිකක්. මෙක නිකං මෘදුකාංග install කරනව වගෙ install කරන්න තියෙන්නෙ බලන්න මෙකෙන් මම කරපු හැම දෙයක්ම monitor කරගෙන තියන හැටි,ඒ විතරක් නෙමෙයි මම ගියපු website වල screen shot,ඒ වලදි භාවිතා කරපු username,password එහෙමත් monitor කරගෙන.







(මම ගියපු website එකක monitor කරපු screen shot එකක්)


මේ Software-based keyloggers භාවිතා කිරිමෙදි තියන වාසි ගොඩක් තියනවා.


  • keylogger එක install කරලා අපිට hide කරන්න පුලුවන් එතකොට වෙන කාටවත් keylogger එක run වෙනවා කියලා දැන ගන්න බෑ. ඒ වගේම දැන ගත්තත් uninstall කරන්න ටිකක අමාරුයි මොකද මේවා Add or Remove එකෙවත් පෙන්නන්නෙ නැති නිසා(ඉහත සදහන් කරපු ලින්ක්එකෙ එක නම් පෙන්නනවා.මොකද එක unregistered එකක්).මේ මොනවා කරන්නත් install කරනකොට දෙන hotkey එක දැන ගන්න ඕන එක මගින් තමයි keylogger එක visible කරගන්නෙ.
  • අපිට භවිතාකරන්න බැරි(physical access නැති) පරිගණකයකට වුනත් install කරන්න පුලුවන්. මෙක ප්‍රධාන වශයෙන්ම කරන්නෙ e-mail මගින් picture එකක් හෝ වෙනත් දෙයක් සමග keylogger සම්බන්ධ කරලා එවන එක.තවත් install කරන්න වගේම තොරතුරු ලබාගන්නත් මෙවායෙ පහසුකම් තියනවා.තොරතුරු website එකකට (database එකකට) upload කරන්න හෝ e-mail මගින් ලබාගන්න පුලුවන්
  • ලාභදායි විමත් Software-based keyloggers වල ලොකු වාසියක්
Software-based keyloggers වල වාසි වගේම අවාසිත් තියනවා..

  • Virus scanners ,Anti spyware software,Anti-keyloggers මගින් බොහෝ දුරට detect කරන්න පුලුවන්.
  • operating system එක අලුතෙන් දැම්මොත් keylogger එක ඉතින් ඉවර‍යි.
  • Linux computers වල බොහොදුරට ගොඩක් Software-based keyloggers වැඩ කරන්නැ.
  • සමහර වෙලාවට keyloggers නිසා operating system crash වෙන්න පුලුවන් ඒ වගේම වෙනත් හෙතුවක් නිසා crash වුනත් keyloggersඑකෙ දත්ත සියල්ලත් නැති වෙනවා.

මේ සියලු අවාසි වලට පිළියම තම‍යි Hardware-based keyloggers භවිතා කරන එක ඉතින් ඊලඟ පෝස්ට් එකෙන් Hardware-based keyloggers ගැන දැනගනිමු.



Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු






මේ දවස්වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,තමන්ගෙ FaceBook හෝ Mail accounts ආරක්ෂා කරගන්න එක.මොකද ගොඩක් අය දැන් විනොදෙට වගේ අනිත් අයගේ accounts Hack කරන්න අරන්.අපේ campus එකෙත් ගොඩක් අයගේ FaceBook accountsඑහෙම Hack කරල විකාර කරල තිබුනා,,ඒ නිසා exam ඉවර වුනු ගමන් ඒ ගැන වැදගත් වෙයි කියල හිතෙන ටිකක් ලියන්න හිතුනා.
මම හිතන විදියට මෙවගේ දේවල් වෙන්නෙ තමන්ගෙම නොසැලිකිලිමත් බව හෝ නොදැනුවත්කම නිසයි. නැත්නම් අනුන්ගේ ඕනම password එකක් හොරෙන් ගන්න පුලුවන් 100% සාර්ථක ක්‍රමයක් මම දන්න තරමින් නෑ.ඒ නිසා තමන්ගෙ ආරක්ෂාවට ,Hackersලා account hack කරන්න සාමන්‍යයෙන් යොදාගන්න සාර්ථක ක්‍රම මොනවද කියල බලමු.

උදාහරණයකින්ම කියනවනම් පහත දැක්වෙන්නෙ මට ලැබුනු G-mail පණිවුඩයක්,එහි ආකාරයට එය මට ලබෙන්නෙ "Gmail-Team"යන නමින්. ඉතින් මම මේ Gmail-Team එකෙන් එවපු පණිවුඩය බැලුවා ඔයයත් බලන්න කො..
===========================================================================

from Gmail Team

to

date Tue, Nov 18, 2008 at 9:49 PM

subject Access Denied - Your Google account will be Blocked

mailed-by gmail.com 9:49 PM (4 hours ago)

Congratulations on creating your brand new G-mail address,

Your account violate Terms & Condition of Google & it will be blocked.

You must login to your account at http://mail.google.com/ to confirm your access,otherwise
your account will be blocked.

To view the terms & condition please visit: http://mail.google.com/mail/help/intl/en/terms.html

Enjoy!

The Gmail Team


Verification code: 89452927-c40cce4d-ddc5c152dd

Please keep this email for your records, as it contains an
important verification code that you may need should you ever
encounter problems or forget your password.


If you didn't create this Gmail address and don't recognize this email,
please visit: http://mail.google.com/support/bin/answer.py?answer=62400



===========================================================================

මෙකෙ කියන විදියට අපි අපේ Account එක නැවත confirm කරන්න ඔන නැත්නම් block කරනවා කියන්නෙ, GmailTeam එකනෙ කියන්නෙ ඉතින් මම අර Linkඑක click කලා එතකොට එන්නෙ මෙක.






මේ interface එක සාමන්‍යයෙන් අපේ account එකේ ප්‍රශ්නයක් වුනොත් G-mail Teamඑකෙන් එවන interface එකට සාමන එකක්. බැලූ බැල්මට වෙනසක් හොයා ගන්න බෑ..ඉතින් අපි මෙතන අපේ username, password දීල confirm කරන්න ගියොත් දෙවියන්ගෙම පිහිටයි. :)මෙහිදි අපි ඇතුලත් කලusername, password mail form එකක් හරහා Fake interface එක නිර්මාණ කරුට E-mail පණිවුඩයකින්ම ලැබෙන අතර අපිව අපේ account එකට redirect කරනවා.ඉතින් මොකද වුනේ කියලවත් අපි නොදැනුවත්වම අපෙ account එක hack වෙලා.

මේ ක්‍රමයට කියන්නෙ phishing කියලා අපිව් අල්ලන්න ඇම දාන එක තමයි මෙකදි කරන්නෙ. ඇම නොකන්න නම් අපි එ ගැන දැනුවත්වෙන්න ඔන . phishing වලදි කරන්නෙ මේ වගෙ ව්‍යාජ් login page (Fake interface) හරහා අපෙන්ම අපේ වටිනා දත්ත (Sensitive information) ලබාගැනිමයි. මෙය බහුලවම සහ සාර්තකම password hacking ක්‍රමයයි. G-mail විතරක් නෙමෙයි අනෙක් ඕනම web site එකකට මේ වගේ Fake interface තියෙන්න පුලුවන් ඉතින් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි නෙද?






ආ....අපිට G-mail Team නමින් E-mail එවන්නෙ කොහොමද කියලා මෙතනම කියන්නම්. සාමන්‍යයෙන් G-mail වල Gmail ,Google,Team යන නම් First Name,Last Name වලට යොදාගෙන අපි account හදන්න දෙන්නෑ..මොකද First Name,Last Name එකතුවෙලා තමයි අපෙ account name එක හැදෙන්නෙ.phishing වලදි g-mail නම වැරදි විදියට යොදාගැනිම වලක්වන්න තමයි එහෙම කරන්නෙ.




එත් G-mail වලම අපේ නම වෙනස්කරගන්න option එකක් දීල තියනව.
1.පලමුව Login ,setting තොරන්න
2.Accounts tab තොරන්න
3.edit infor
එන window එකේ name වල second radio button තොරා
අවශ්‍ය නම ලබාදිය හැක.




මේ විදියට අපේ G-mail password ගන්නෙ අපෙ Mail කියවන්නනම් නෙමෙයි. ගොඩක් අය එකම password එක තමයි අනෙක් වැදගත් web sites වලටත් use කරන්නෙ,ඉතින් අපේ mail account එකෙන්ම අදාල web sites හදුනගෙන අපේ password එවා තුලදි use කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම Mail hacking අරමුණ.හිතන්න යම් කෙනෙක් අන්තර්ජාල මුදල් ගනුදෙණු වලටත් යොදාගන්නෙ mail password එකම කියලා...Phishiing ප්‍රහාරයකට ලක්වුනොත්. Sorry තමයි :D

අපි දැන් බලමු මේ වගේ දෙයකින් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා.

තියන හොදම ක්‍රමය තමයි රාජ්කාරී ස්වරූපයෙන් හෝ පැමිනෙණ නොදන්නා e-mail වල link භාවිතා නොකර සීටීම(pharming වලින් ආරක්ෂා වෙන්න තියන හොඳම ක්‍රමයත් මෙක. ) එසේ කල නොහැකි අවස්තාවල Link භාවිතා කිරීමෙන් login interface එකක් ලබෙනවා නම්,ඔබේ දත්ත ඇතුලත් කිරීමට පෙරaddress bar එකේ බලන්න https protocol එකද use කරන්නෙ කියලා https (Hypertext Transfer Protocol Secure )නම් එය fake interface එකක් නොවන බව තහවුරු කර ගත හැකියි. එත් ගොඩක් facebook වගෙ sites තවම https protocol භාවිතා කරනනෑ..



Gmail SSL (Secure Socket Layer) feature


G-mail නම් ඔබේ password සහ username https මගින් අරක්ෂා කරලා තියෙන්නෙ ඒ නිසා G-mail login වෙනකොට් login page URL එක https එකක් නෙමෙයි නම් එක අනිවාර්යෙන්ම fake login page එකක් G-mail සපයන තවත් සේවාවක් තමයි Gmail SSL (Secure Socket Layer) feature එක එමගින් අපි account එකට login වුනාට පස්සෙත් අපි https මගින් අපේ තොරතුරු ආරක්ෂා කිරීම සිදුකරනවා.සාමාන්‍යයෙන් ලොගි මගින්වුනාට පස්සෙ භාවිත වෙන්නෙ http කියන protocol එක .පහත අකාරයට මේ feature එක enable කරගන්න පුලුවන්.

Login to Gmail > Go to Settings > General > Browser Connection

අනවශ්‍ය දෙවලුත් ලිව්වද මන්දා එත් තමන්ගෙ ආරක්ෂාවට මේ දේවල් වැදගත් වේවි කියල හිතනවා.
Mail accounts hack කරන තවත් සාර්ථක ක්‍රමයක් තමයි keyloggers භාවිතා කිරීම ඒගැන ඉදිරියෙදි කතාකරන්න බලාපොරොත්තු වෙනවා

/ b y e