Sunday, November 15, 2009

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )


ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනු‍යි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට පිලිතුරු මේ post එකෙන් ලැබෙයි කියලා හිතනවා. මොකද අද කතා කරන්න යන්නෙ Hardware-based keyloggers ගැන නිසා. Hardware-based keyloggers ගැන කතා කරනකොට cafe වලට එහෙම යන අය ගොඩක්ම පරිස්සම් වුනොත් හොදයි, විශේෂයෙන් අපේ රවින්ද්‍ර වගේ(FOSS) අයත්,Pen drive එකෙන් machine එක බූට් කරන් තමන්ගෙ OS එකේ කිසිම කරදරයක් නෑ කියලා හිතන් ඉන්න අයත් පරිස්සම් වුනොත් හොදයි මොකද Hardware-based keyloggers වලට OS එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නොවෙන නිසා.

Hardware-based keyloggers ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් තියනවා.මේවාගෙන් ගොඩක්ම භාවිතයේ තියෙන්නෙ සමන්‍ය PS/2, USB Hardware keyloggers එක. මෙක Machine එකත් Keyboard එකත් අතරට සවිකරලා තමයි තියෙනෙ.මෙකෙන් කරන්නෙ හැම Keystrokes එකක්ම අරගෙන keylogger එක ඇතුලෙ තියන EPROM (non volatile) memory එකෙ ගබඩා කරන එක(keylogger එකේ memory full වුනාම පරණ data delete වෙලා අලුත් data overwrite වෙනවා ).අවශ්‍ය වෙලාවට අදාල password එක Notepad එකක හරි text editing program එකක දුන්නම ගබඩා කරගතු දත්ත අපිට බලා ගන්න පුලුවන්.















(Notepad එකකින් ගබඩා කරන ලද data ගැනීම)

Hardware-based keyloggers වල වාසි.

  • Physically නිරීක්ෂණය කිරිමකින් තොරව කිසිම software එකකින් හදුනා ගත නොහැකි වීම
  • Computer එක boot වීම අරම්භයත් සමඟ keylogger එක active වන නිසා OS login password වුනත් ලබා ගත හැකි වීම.
  • ඕනෑම Operating System( OS) එකක ක්‍රියාත්මක විම.
  • Computer එක format කලත් එය dual boots වුනත් keylogger එකේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවීම.

(USB/PS2 Hardware Keyloggers)


Hardware-based keyloggers වලින් වැලකෙන්නෙ කොහොමද?
  • Hardware Keyloggers තිබේ දැයි p hysically නිරික්ෂණය කිරීම
  • On-screen keyboard එකක් භාවිතා කිරීම ( Windows XP, Start >> All Programs >> Accessories >> Accessibility >> On Screen Keyboard)
  • Password භාවිතා කිරීමෙදි එක වරම ලබා දීමෙන් තොරව වෙනත් keystrokes සමග මිශ්‍රව භාවිතා කිරීම. එවිට hackerට අපෙ password අනිත් අකුරුත් එක්ක මිශ්‍රව තියෙන නිසා අදුර ගන්න අමාරැ වෙන්නවා
  • Internet Cafe නොයා සිටිම හෝ සැක සහිත computers භාවිතා නොකර සිටීම.








(මේකනම් දැක්කත් අදුර ගන්න බැරි වෙයි. හොදට බලා ගන්න.)


ඇනෙකුත් Hardware-based keyloggers වර්ග තමයි

  • Wireless Keylogger sniffers-මෙවා‍ use කරන්නෙ wireless keyboard වලට
  • Firmware- keyboard events handle කරන BIOS reprogrammed කිරීම මගින් keystrokes ගබඩා කරයි
ඉතින් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගත්තොත් හොදයි නේද?

8 comments:

ශාකුන්තල on November 15, 2009 at 7:10 PM said...

දැක්කම බය හිතෙනවා.... අපේ ආරක්ෂාව ගැන මාර සැලකිල්ලක් නෙව කරන්න වෙලා තියෙන්නේ.... :-O

Kanishka | කණියා on November 15, 2009 at 8:28 PM said...

ෂෙක් පට්ටනෙ.. එකක් ගන්න පුලුවන් තැනක් නැද්ද? :D

~බිன்ku~ on November 16, 2009 at 2:17 AM said...

බැලුවාම හේ යක්කුගෙන් බේරෙන්න අමාරුයි වගේ. මේ ක්‍රමය හරි යන්නේ නැති වෙයිද? http://blog.indranama.com/2009/09/cyber-cafe-and-keylogger/#comment-1520

අනික ලංකාවේ මේ තාක්ෂණය කොහෙන්ද? කොහේද ගන්න තියෙන්නේ. මෙහේ (කැනඩාවේ) නම් නැති තරම්

MANJU on November 16, 2009 at 10:19 AM said...

@~බිன்ku~

ඔව් ඔයාගේ ක්‍රමය ගොඩක් හොද එකක් portable browser එකක remember me දාගෙන අපිට අවශ්‍ය වෙලාවට use කරන්න පුළුවන්. ඒ වගේම Deep freeze කියන software එකෙනුත් අපිට යමක් කරගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ මේක install කරගන්න විතරයි.මෙකෙන් අපි වැඩ කරනවෙලාවෙ ඉදලා shut down කරනකම් සියලු data freeze කරලා මුල් තත්වයට restore කරනවා.Software keylogger වලටනම් මෙක හරියටම හරි....

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath on November 17, 2009 at 7:20 PM said...

මමනම් කැෆේ වලට යන්නෙ නැති නිසා අවුලක් නෑ. යන අය පරිස්සමින්.

Sport Day එක නම් ඉතින් maxaaaa තමයි. ucsc 6 කණ්ඩායමේ කොල්ලො වැඩක් කලොත් ඉතින් නියමෙටම ඇති.

දුකා on December 9, 2009 at 6:03 PM said...

niyama poest ekak . baya th hitenawaa appaa . . .!!

sanjeewa on December 25, 2009 at 7:48 PM said...
This comment has been removed by a blog administrator.
නිශාන්ත අනුරුද්ධ on December 26, 2009 at 10:51 AM said...

බුදු අම්මෝ....
බලපං මචං අහින්සක අපිට වෙන දේවල්..

/නිශාන්ත

Creative Commons License °·.?.·°හිතෙන දේ කියන තැන°·.?.·° by .MคNןU. is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 United States License.

~Get My ToolBar~

About Me

My Photo
Colombo, Sri Lanka
මම චරිත් දේශප්‍රිය ගම
මාතර දිඟුවැලිපුරවරේ...
වෙන්න පුලුවන් හමදේම
වෙලා ඒවට කරන්න පුලුවන් හැම දේම කරලා
දැන් පොඩ්ඩක් නිස්කලන්කව කැම්පස් ජීවිතේ ආතල් එක විදිනවා....
 

හිතෙන දේ කියන තැන. Copyright 2008 All Rights Reserved Revolution Two Church theme by Brian Gardner Converted into Blogger Template by Bloganol dot com