Wednesday, February 18, 2009

ගස, මම සහ ඔබ..!



ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථිවිය විනිවිඳ යයි
දිය සොයා ගෙන මිස නොනවතියි,
ගිමන් කල හාමත්ව යයි
කොළ දළු සලා නිහඩව ඉදියි
එහෙත් ඒ නිශ්ශ්බ්දතාවෙහි අධිෂ්ඨානය කටිගැසෙයි
පොළෝ ගැබ සන්චිතවයෙයි....

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුඳු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස කිසිදාක සැනසෙන්නේ නොවෙයි.

ගසක් නම් ඉහළට වැඩෙයි...



~උපුටා ගන්නා ලද්ඳකි~


5 comments:

෴ßÎŋЌυ෴ on February 19, 2009 at 5:57 AM said...

ජිවිතයට අවශ්‍ය සුභවාදී පණිවිඩයක් දෙන ඔබේ කවිය ඉතාම අලංකාරයි. දිගටම ලියන්න, සුභ පැතුම්. පින්තුරයත් ලස්සනයි.

අරවින්ද on February 19, 2009 at 8:16 AM said...

මොකද හලෝ අනුන්ගෙ කවි කොපි කරන්නේ.

MANJU on February 21, 2009 at 2:45 PM said...

@binku සමා වෙන්න.,මෙක මගේම එකක් නෙමෙයි..,මගේ හිතට වැඳුන එකක් නිසා ලියුවේ.

MANJU on February 21, 2009 at 2:48 PM said...

@අරවින්ද
හලෝ කියලා කිව්වෙ මොන හිතකින්ද දන්නැ එත් එක මට එච්චර දිරවන්නැ....

අරවින්ද on February 21, 2009 at 3:00 PM said...

කවියක් උපුටා ගන්න කොට උපුටා ගත්තේ කොහෙන් ද කාගෙන් ද කියලා ලියන්න. බලන්න බින්කු හිතලා තියෙන්නේ මේක ඔයාගේ කවියක් කියලා. මේ කවියේ නියම අයිතිකාරයට ඔබට විරුද්ධව නඩු දාන්න වුණත් පුළුවන්, බුද්ධිමය දේපළ පනත යටතේ.

මා මේ කවිය ඔබගේ නොවන බව පෙන්වා දුන් පසුවත් ඔබ කවිය උපුටාගත් තැන කවියාගේ නම සඳහන් කරලා නෑ. මට මතක හැටියට මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවියක්.

Creative Commons License °·.?.·°හිතෙන දේ කියන තැන°·.?.·° by .MคNןU. is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 United States License.

~Get My ToolBar~

About Me

My Photo
Colombo, Sri Lanka
මම චරිත් දේශප්‍රිය ගම
මාතර දිඟුවැලිපුරවරේ...
වෙන්න පුලුවන් හමදේම
වෙලා ඒවට කරන්න පුලුවන් හැම දේම කරලා
දැන් පොඩ්ඩක් නිස්කලන්කව කැම්පස් ජීවිතේ ආතල් එක විදිනවා....
 

හිතෙන දේ කියන තැන. Copyright 2008 All Rights Reserved Revolution Two Church theme by Brian Gardner Converted into Blogger Template by Bloganol dot com