අලුත් අවුරුද්ද

11:57 PM 4 Comments A+ a-

ලැබුවාවු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වෙවා.....

පට්ට Websites අංක 1

11:57 PM 22 Comments A+ a-

අද මම ලියන්න යන්නෙ මම විනොදාංශයක් විදියට එකතු කරන ආතල්, වැදගත් කොටින්ම කිව්වොත් පට්ට Website ටිකක් ගැන. මගේ එකතුවෙ ආතල් වගේම අධ්‍යාපනික ඒවත් තියනවා පුලුවන් විදියට ඔක්කොම දාන්න බලන්නම්. මේ sites වලට කඩේ යනවා කියල නම් කියන්න එපා වැදගත් වෙයි කියලා හිතුන නිසයි ලියන්නෙ.

1.මුලින්ම කියන්න යන්නෙ fake mails or anonymous mails යවන්න පුලුවන් sites ටිකක් ගැන

2. befunky මේ site එකෙන් කරන්නෙ අපේ ඕනම photo එකක් Digital artwork එකක් බවට පත්කරලා දෙන එක photos cartoon කරගන්න පුලුවන්.. ගිහිල්ලම බලන්න

3. මේක Media search engine එකක්

4.ඕන කෙනෙකුගෙ හිතෙ තියන රූපෙ ඇදගන්න ඔනනම් ඉතින් flashface තමයි

5. Find A Grave ලොකෙ පුරා මිය ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ මිහිදන් කල ස්ථාන සහ විස්තර ඇතුලත් ව්ශාල දත්ත ගබඩාවක්

6. අකුරු අනිත් පැත්ත ගහලා ලියන්නෙ මෙතනින් ʇxǝʇ ɹnoʎ dılɟ

7.මෙක Google Home page එක ඒ වුනාට මෙතනදි පොඩි මැජික් එකක් වෙනවා ගිහිලා Google logo
එකෙ O අකුරු දෙක අතින් වහගෙන සුදු පාට පසුබිමේ click කරන්න දෑන් අත ගන්න..(මේ video එකත් බලන්න කෝ..)

8. Rent A Coder වැඩ කාරයොන්ට මෙන්න තැන

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )

1:26 PM 8 Comments A+ a-

ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනු‍යි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට පිලිතුරු මේ post එකෙන් ලැබෙයි කියලා හිතනවා. මොකද අද කතා කරන්න යන්නෙ Hardware-based keyloggers ගැන නිසා. Hardware-based keyloggers ගැන කතා කරනකොට cafe වලට එහෙම යන අය ගොඩක්ම පරිස්සම් වුනොත් හොදයි, විශේෂයෙන් අපේ රවින්ද්‍ර වගේ(FOSS) අයත්,Pen drive එකෙන් machine එක බූට් කරන් තමන්ගෙ OS එකේ කිසිම කරදරයක් නෑ කියලා හිතන් ඉන්න අයත් පරිස්සම් වුනොත් හොදයි මොකද Hardware-based keyloggers වලට OS එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නොවෙන නිසා.

Hardware-based keyloggers ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් තියනවා.මේවාගෙන් ගොඩක්ම භාවිතයේ තියෙන්නෙ සමන්‍ය PS/2, USB Hardware keyloggers එක. මෙක Machine එකත් Keyboard එකත් අතරට සවිකරලා තමයි තියෙනෙ.මෙකෙන් කරන්නෙ හැම Keystrokes එකක්ම අරගෙන keylogger එක ඇතුලෙ තියන EPROM (non volatile) memory එකෙ ගබඩා කරන එක(keylogger එකේ memory full වුනාම පරණ data delete වෙලා අලුත් data overwrite වෙනවා ).අවශ්‍ය වෙලාවට අදාල password එක Notepad එකක හරි text editing program එකක දුන්නම ගබඩා කරගතු දත්ත අපිට බලා ගන්න පුලුවන්.















(Notepad එකකින් ගබඩා කරන ලද data ගැනීම)

Hardware-based keyloggers වල වාසි.

  • Physically නිරීක්ෂණය කිරිමකින් තොරව කිසිම software එකකින් හදුනා ගත නොහැකි වීම
  • Computer එක boot වීම අරම්භයත් සමඟ keylogger එක active වන නිසා OS login password වුනත් ලබා ගත හැකි වීම.
  • ඕනෑම Operating System( OS) එකක ක්‍රියාත්මක විම.
  • Computer එක format කලත් එය dual boots වුනත් keylogger එකේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවීම.

(USB/PS2 Hardware Keyloggers)


Hardware-based keyloggers වලින් වැලකෙන්නෙ කොහොමද?
  • Hardware Keyloggers තිබේ දැයි p hysically නිරික්ෂණය කිරීම
  • On-screen keyboard එකක් භාවිතා කිරීම ( Windows XP, Start >> All Programs >> Accessories >> Accessibility >> On Screen Keyboard)
  • Password භාවිතා කිරීමෙදි එක වරම ලබා දීමෙන් තොරව වෙනත් keystrokes සමග මිශ්‍රව භාවිතා කිරීම. එවිට hackerට අපෙ password අනිත් අකුරුත් එක්ක මිශ්‍රව තියෙන නිසා අදුර ගන්න අමාරැ වෙන්නවා
  • Internet Cafe නොයා සිටිම හෝ සැක සහිත computers භාවිතා නොකර සිටීම.








(මේකනම් දැක්කත් අදුර ගන්න බැරි වෙයි. හොදට බලා ගන්න.)


ඇනෙකුත් Hardware-based keyloggers වර්ග තමයි

  • Wireless Keylogger sniffers-මෙවා‍ use කරන්නෙ wireless keyboard වලට
  • Firmware- keyboard events handle කරන BIOS reprogrammed කිරීම මගින් keystrokes ගබඩා කරයි
ඉතින් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගත්තොත් හොදයි නේද?

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු II

11:05 PM 9 Comments A+ a-


කලින් post එකේදි මම කිව්වා වගේ අද මම කියන්න යන්නෙ ගොඩක් අය වැඩ පෙන්වන්න භාවිතා කරන keyloggers ගැන.කලින් post එකෙදි සදහන් කරපු phishing pharming වලට අමතරව accounts Hack කරන්න බහුලවම භාවිතා කරන්නෙ keyloggers මොකද මේක තමයි ලේසිම ක්‍රමය.keyloggers ගැන කතා කරද්දි පොදු පරිගණක භාවිතා කරන අය මේ ගැන ගොඩක්ම අවදානය යොමු කරන්න වෙනවා.මේ හැම දේකින්ම වැළකී සිටීමට ඒ ගැන දැනුවත් වීම ඉතා වටිනවා නේද...keyloggers ප්‍රධාන වශයෙන් වර්ග 2ක් තියනවා..


1.Software-based keyloggers

2.Hardware-based keyloggers

පලමුවෙන් කථා කරන්න යන්නෙ Software-based keyloggers ගැන.මේවා පරිගණකවල මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මකවිමට නිපදවපු මෘදුකාංග වර්ගයක්.තාක්ෂණික වර්ගීකරනයන්ට අනුව මේ keyloggers තවත් වර්ග කීපයකටම බෙදෙනවා.(Hypervisor-based, Kernel-based ,Hook-based,Passive Methods, Form Grabber based etc)මේ තියෙන්නෙ මම භාවිතා කරලා බලපු Software-based keylogger එකක(ඕන නම් මෙතනින් අරගෙන බලන්න) screen shot ටිකක්. මෙක නිකං මෘදුකාංග install කරනව වගෙ install කරන්න තියෙන්නෙ බලන්න මෙකෙන් මම කරපු හැම දෙයක්ම monitor කරගෙන තියන හැටි,ඒ විතරක් නෙමෙයි මම ගියපු website වල screen shot,ඒ වලදි භාවිතා කරපු username,password එහෙමත් monitor කරගෙන.







(මම ගියපු website එකක monitor කරපු screen shot එකක්)


මේ Software-based keyloggers භාවිතා කිරිමෙදි තියන වාසි ගොඩක් තියනවා.


  • keylogger එක install කරලා අපිට hide කරන්න පුලුවන් එතකොට වෙන කාටවත් keylogger එක run වෙනවා කියලා දැන ගන්න බෑ. ඒ වගේම දැන ගත්තත් uninstall කරන්න ටිකක අමාරුයි මොකද මේවා Add or Remove එකෙවත් පෙන්නන්නෙ නැති නිසා(ඉහත සදහන් කරපු ලින්ක්එකෙ එක නම් පෙන්නනවා.මොකද එක unregistered එකක්).මේ මොනවා කරන්නත් install කරනකොට දෙන hotkey එක දැන ගන්න ඕන එක මගින් තමයි keylogger එක visible කරගන්නෙ.
  • අපිට භවිතාකරන්න බැරි(physical access නැති) පරිගණකයකට වුනත් install කරන්න පුලුවන්. මෙක ප්‍රධාන වශයෙන්ම කරන්නෙ e-mail මගින් picture එකක් හෝ වෙනත් දෙයක් සමග keylogger සම්බන්ධ කරලා එවන එක.තවත් install කරන්න වගේම තොරතුරු ලබාගන්නත් මෙවායෙ පහසුකම් තියනවා.තොරතුරු website එකකට (database එකකට) upload කරන්න හෝ e-mail මගින් ලබාගන්න පුලුවන්
  • ලාභදායි විමත් Software-based keyloggers වල ලොකු වාසියක්
Software-based keyloggers වල වාසි වගේම අවාසිත් තියනවා..

  • Virus scanners ,Anti spyware software,Anti-keyloggers මගින් බොහෝ දුරට detect කරන්න පුලුවන්.
  • operating system එක අලුතෙන් දැම්මොත් keylogger එක ඉතින් ඉවර‍යි.
  • Linux computers වල බොහොදුරට ගොඩක් Software-based keyloggers වැඩ කරන්නැ.
  • සමහර වෙලාවට keyloggers නිසා operating system crash වෙන්න පුලුවන් ඒ වගේම වෙනත් හෙතුවක් නිසා crash වුනත් keyloggersඑකෙ දත්ත සියල්ලත් නැති වෙනවා.

මේ සියලු අවාසි වලට පිළියම තම‍යි Hardware-based keyloggers භවිතා කරන එක ඉතින් ඊලඟ පෝස්ට් එකෙන් Hardware-based keyloggers ගැන දැනගනිමු.


මායාවක් නොවු අමායාට.....

12:28 AM 2 Comments A+ a-




සිතින් නොහඩා සිටින්නම්
ඔබේ සෙනෙහේ ලැබේනම්
ලොවක් අමතක කර සිටින්නම්
ඔබ මගේම වනවා නම්.........

නෙතු කදුලින් පිරි සැමවෙලේ
මැවුනේ ඔබෙ රුව මා සිතේ
ඒ රුව දැක මා සැන සුනේ
දුක් නිවී සැප ලැබු ලෙසේ.....

රෑ නිදි නැති වෙන යාමයේ
ඔබ එයි සිහින කුමරියකසේ
මාලොව ආදර සොදුයිරියේ
ඔබමයි මා හද පැතු අදරේ.


Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු

12:52 AM 8 Comments A+ a-






මේ දවස්වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,තමන්ගෙ FaceBook හෝ Mail accounts ආරක්ෂා කරගන්න එක.මොකද ගොඩක් අය දැන් විනොදෙට වගේ අනිත් අයගේ accounts Hack කරන්න අරන්.අපේ campus එකෙත් ගොඩක් අයගේ FaceBook accountsඑහෙම Hack කරල විකාර කරල තිබුනා,,ඒ නිසා exam ඉවර වුනු ගමන් ඒ ගැන වැදගත් වෙයි කියල හිතෙන ටිකක් ලියන්න හිතුනා.
මම හිතන විදියට මෙවගේ දේවල් වෙන්නෙ තමන්ගෙම නොසැලිකිලිමත් බව හෝ නොදැනුවත්කම නිසයි. නැත්නම් අනුන්ගේ ඕනම password එකක් හොරෙන් ගන්න පුලුවන් 100% සාර්ථක ක්‍රමයක් මම දන්න තරමින් නෑ.ඒ නිසා තමන්ගෙ ආරක්ෂාවට ,Hackersලා account hack කරන්න සාමන්‍යයෙන් යොදාගන්න සාර්ථක ක්‍රම මොනවද කියල බලමු.

උදාහරණයකින්ම කියනවනම් පහත දැක්වෙන්නෙ මට ලැබුනු G-mail පණිවුඩයක්,එහි ආකාරයට එය මට ලබෙන්නෙ "Gmail-Team"යන නමින්. ඉතින් මම මේ Gmail-Team එකෙන් එවපු පණිවුඩය බැලුවා ඔයයත් බලන්න කො..
===========================================================================

from Gmail Team

to

date Tue, Nov 18, 2008 at 9:49 PM

subject Access Denied - Your Google account will be Blocked

mailed-by gmail.com 9:49 PM (4 hours ago)

Congratulations on creating your brand new G-mail address,

Your account violate Terms & Condition of Google & it will be blocked.

You must login to your account at http://mail.google.com/ to confirm your access,otherwise
your account will be blocked.

To view the terms & condition please visit: http://mail.google.com/mail/help/intl/en/terms.html

Enjoy!

The Gmail Team


Verification code: 89452927-c40cce4d-ddc5c152dd

Please keep this email for your records, as it contains an
important verification code that you may need should you ever
encounter problems or forget your password.


If you didn't create this Gmail address and don't recognize this email,
please visit: http://mail.google.com/support/bin/answer.py?answer=62400



===========================================================================

මෙකෙ කියන විදියට අපි අපේ Account එක නැවත confirm කරන්න ඔන නැත්නම් block කරනවා කියන්නෙ, GmailTeam එකනෙ කියන්නෙ ඉතින් මම අර Linkඑක click කලා එතකොට එන්නෙ මෙක.






මේ interface එක සාමන්‍යයෙන් අපේ account එකේ ප්‍රශ්නයක් වුනොත් G-mail Teamඑකෙන් එවන interface එකට සාමන එකක්. බැලූ බැල්මට වෙනසක් හොයා ගන්න බෑ..ඉතින් අපි මෙතන අපේ username, password දීල confirm කරන්න ගියොත් දෙවියන්ගෙම පිහිටයි. :)මෙහිදි අපි ඇතුලත් කලusername, password mail form එකක් හරහා Fake interface එක නිර්මාණ කරුට E-mail පණිවුඩයකින්ම ලැබෙන අතර අපිව අපේ account එකට redirect කරනවා.ඉතින් මොකද වුනේ කියලවත් අපි නොදැනුවත්වම අපෙ account එක hack වෙලා.

මේ ක්‍රමයට කියන්නෙ phishing කියලා අපිව් අල්ලන්න ඇම දාන එක තමයි මෙකදි කරන්නෙ. ඇම නොකන්න නම් අපි එ ගැන දැනුවත්වෙන්න ඔන . phishing වලදි කරන්නෙ මේ වගෙ ව්‍යාජ් login page (Fake interface) හරහා අපෙන්ම අපේ වටිනා දත්ත (Sensitive information) ලබාගැනිමයි. මෙය බහුලවම සහ සාර්තකම password hacking ක්‍රමයයි. G-mail විතරක් නෙමෙයි අනෙක් ඕනම web site එකකට මේ වගේ Fake interface තියෙන්න පුලුවන් ඉතින් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි නෙද?






ආ....අපිට G-mail Team නමින් E-mail එවන්නෙ කොහොමද කියලා මෙතනම කියන්නම්. සාමන්‍යයෙන් G-mail වල Gmail ,Google,Team යන නම් First Name,Last Name වලට යොදාගෙන අපි account හදන්න දෙන්නෑ..මොකද First Name,Last Name එකතුවෙලා තමයි අපෙ account name එක හැදෙන්නෙ.phishing වලදි g-mail නම වැරදි විදියට යොදාගැනිම වලක්වන්න තමයි එහෙම කරන්නෙ.




එත් G-mail වලම අපේ නම වෙනස්කරගන්න option එකක් දීල තියනව.
1.පලමුව Login ,setting තොරන්න
2.Accounts tab තොරන්න
3.edit infor
එන window එකේ name වල second radio button තොරා
අවශ්‍ය නම ලබාදිය හැක.




මේ විදියට අපේ G-mail password ගන්නෙ අපෙ Mail කියවන්නනම් නෙමෙයි. ගොඩක් අය එකම password එක තමයි අනෙක් වැදගත් web sites වලටත් use කරන්නෙ,ඉතින් අපේ mail account එකෙන්ම අදාල web sites හදුනගෙන අපේ password එවා තුලදි use කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම Mail hacking අරමුණ.හිතන්න යම් කෙනෙක් අන්තර්ජාල මුදල් ගනුදෙණු වලටත් යොදාගන්නෙ mail password එකම කියලා...Phishiing ප්‍රහාරයකට ලක්වුනොත්. Sorry තමයි :D

අපි දැන් බලමු මේ වගේ දෙයකින් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා.

තියන හොදම ක්‍රමය තමයි රාජ්කාරී ස්වරූපයෙන් හෝ පැමිනෙණ නොදන්නා e-mail වල link භාවිතා නොකර සීටීම(pharming වලින් ආරක්ෂා වෙන්න තියන හොඳම ක්‍රමයත් මෙක. ) එසේ කල නොහැකි අවස්තාවල Link භාවිතා කිරීමෙන් login interface එකක් ලබෙනවා නම්,ඔබේ දත්ත ඇතුලත් කිරීමට පෙරaddress bar එකේ බලන්න https protocol එකද use කරන්නෙ කියලා https (Hypertext Transfer Protocol Secure )නම් එය fake interface එකක් නොවන බව තහවුරු කර ගත හැකියි. එත් ගොඩක් facebook වගෙ sites තවම https protocol භාවිතා කරනනෑ..



Gmail SSL (Secure Socket Layer) feature


G-mail නම් ඔබේ password සහ username https මගින් අරක්ෂා කරලා තියෙන්නෙ ඒ නිසා G-mail login වෙනකොට් login page URL එක https එකක් නෙමෙයි නම් එක අනිවාර්යෙන්ම fake login page එකක් G-mail සපයන තවත් සේවාවක් තමයි Gmail SSL (Secure Socket Layer) feature එක එමගින් අපි account එකට login වුනාට පස්සෙත් අපි https මගින් අපේ තොරතුරු ආරක්ෂා කිරීම සිදුකරනවා.සාමාන්‍යයෙන් ලොගි මගින්වුනාට පස්සෙ භාවිත වෙන්නෙ http කියන protocol එක .පහත අකාරයට මේ feature එක enable කරගන්න පුලුවන්.

Login to Gmail > Go to Settings > General > Browser Connection

අනවශ්‍ය දෙවලුත් ලිව්වද මන්දා එත් තමන්ගෙ ආරක්ෂාවට මේ දේවල් වැදගත් වේවි කියල හිතනවා.
Mail accounts hack කරන තවත් සාර්ථක ක්‍රමයක් තමයි keyloggers භාවිතා කිරීම ඒගැන ඉදිරියෙදි කතාකරන්න බලාපොරොත්තු වෙනවා

/ b y e

~G-mail password Hacking~

1:16 PM 11 Comments A+ a-


Hack කිව්වට මේක පොඩි JavaScript මැජික් එකක් . ඒ වුනත් මෙකෙන් ඕනම password ( under asterisks ******) එකක් පහසුවෙන් බලා ගන්න පුලුවන්..මෙක ලියන්නෙ වඩාත්ම අපේ අයව දැනුවත් කිරිම උදෙසා මිස කාගෙවත් එකක් හොරෙන් බලන්න නෙමෙයි.

අපේ ගොඩක් පොදු පරිගණක භාවිතා කරන අය මෙතනදි පරිස්සම් වෙන්න ඕන කිසිම වෙලාවක g-mail හෝ වෙනත් password භාවිතා කරනවිට කිසිමවිටකවත් web Browser එකට password save නොකල යුතුයි. මොකද කරලා තිබුනොත් වෙනත් අයකුට අපේ password බලාගන්න පුලුවන් වෙන නිසා. එහිදි මේ JavaScript එක මගින් පහසුවෙන් password බලාගන්න පුලුවන්..කරන්න තියෙන්නෙ මේ JavaScript එක address bar එකට කොපි කරලා Enter කරන එක විතරයි.

javaScript:- javascript: alert(document.getElementById('Passwd').value);

උදාහරනයක් ලෙස හිතන්න කවරුහරි G-mail sign in වෙලා වැරදිමකින් password එක save වෙලා කියලා(මෙය වලක්වා ගැනිමට පොදු පරිගණකයක් භාවිතාකරන හැම විටම අවසානයේ cache සහ private data clear කරන්න වගබලා ගන්න. )මෙහිදී ඉලඟට එම පරිගණකයෙන් G-mail log වෙන්න බලන කෙනෙකුට පහත ආකරයට තමයි Gmail window එක එන්නෙ.අපේ password (under asterisks) එක්ක. මෙහිදි ඔහුට අපේ G-mail account එකට පහසුවෙන්ම ඇතුල්වෙලා password එක වෙනස්කර ගන්න පුලුවන්.

ඒත් මේ JavaScript යොදාගෙන ඔහුට අපේ password එක දැනගන්න පුලුවන්........



මෙක අපේ password එක වෙනස් කරල ඔහු අත්පත් කරගත්තට වඩා භයානකයි. මොකද අපි නොදැනුවත්ම වෙන කෙනෙකුටත් අපි භාවිතා කරන G-mail account එක භාවිතා කිරිමට පුලුවන් විම.ඒ නිසා මම හිතනවා මේ ගැන සැලකිලිමත් විම වටිනවා කියලා.(JavaScript turning off කරල මෙක්‍රමයෙන් වලක්වා ගන්න පුලුවන් වුනත් එහිදි වෙනත් website බලනවිට ගැටලු මතුවෙනවා, මොකඳ JavaScript වැඩ නැති නිසා )

ICC T20 Live බලමු

10:42 PM 1 Comments A+ a-


Watch live video from චරිත් දේශප්‍රිය on Justin.tv

Access Code :- tharunaya.com

OPtion 2:- Click here ICC T20 2009 LIVE

Option 3:- Click here ICC T20 2009 LIVE

~Google ආතල් ටිකක්~

10:30 PM 1 Comments A+ a-

"Google"

නිර්මාපකයින්:- Larry Page(24) , Sergey Brin(23) (Stanford වල research project විදියට)

නම:- නම ඇතිවෙලා තියෙන්නෙ වැරදීමකින්ලු අදහස වෙලා තියෙන්නෙ විශාල අගයක් වන 1යි බින්ඳු 100 ,එකේ තෙරුම දෙන "Googol" වචනය එත් එකට තියන අකුරු වැරදිලා තමයි "Google" හැදිලා තියෙන්නෙ.








"1960 Google"

(පේන්නෙ නැත්නම් logo එක උඩ click කරලා ලොකු කර ගන්න)

"2084 Google"

(පේන්නෙ නැත්නම් logo එක උඩ click කරලා ලොකු කර ගන්න)





Google Holiday logos
Design your own search engine
http://www.pimpmysearch.com/

පොඩි මැජික් අoක 3

9:14 PM 3 Comments A+ a-





Website hacking java script=> javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0

පොඩි මැජික් අoක 2

10:57 PM 4 Comments A+ a-




java script code for window's shaking

javascript:function Shw(n) {if (self.moveBy) {for (i = 35; i > 0; i--) {for (j = n; j > 0; j--) {self.moveBy(1,i);self.moveBy(i,0);self.moveBy(0,-i);self.moveBy(-i,0); } } }} Shw(6)

I'm feeling lucky ඔබමුද?

5:47 PM 5 Comments A+ a-



මේකත් කොටලා බලන්න
Google Chuck Norris + I'm feeling lucky

පොඩි මැජික් එකක් බලමුද?

12:16 AM 3 Comments A+ a-

ගස, මම සහ ඔබ..!

11:21 PM 5 Comments A+ a-


ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථිවිය විනිවිඳ යයි
දිය සොයා ගෙන මිස නොනවතියි,
ගිමන් කල හාමත්ව යයි
කොළ දළු සලා නිහඩව ඉදියි
එහෙත් ඒ නිශ්ශ්බ්දතාවෙහි අධිෂ්ඨානය කටිගැසෙයි
පොළෝ ගැබ සන්චිතවයෙයි....

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුඳු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස කිසිදාක සැනසෙන්නේ නොවෙයි.

ගසක් නම් ඉහළට වැඩෙයි...



~උපුටා ගන්නා ලද්ඳකි~


Do you know about "Flock"

5:49 PM 6 Comments A+ a-

අපේ රවින්ද ඡන්දයක් තිබ්බා, එකේ ප්‍රතිඵලත් නිකුත් කරලා ඒත් මම දන්න කියන ක්‍රියාකාරී නියෝජිතයකුට නාමයෝජනාවත් දීලා තිබුන්නැ..ඒ තමයි"Flock " මම ගොඩක් කල් ඉඳල භවිතා කරන්නෙ ෆ්ලොක්, ඒකෙන් කරන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා, ඒක හොඳම web Browser එක නොවෙන්න පුලුවන් එත් Flock වලටම අනන්‍ය වුනු ගොඩක් පහසුකම් ඒකේ අන්තර්ගතවෙනවා ,ඒත් මම ගොඩක් අයගෙන් අහල බැලුවා සමහර අය Flock ගැන අහලවත් නැ.

Flock කියන්නෙ Mozilla's Firefox මත පදනම් වි නිර්මණය කරපු web browser එකක් එත් Flock වල තියන විශේෂත්වය තමයි Flock, Social network පහසුකම් සැපයිමේ විශිෂ්ඨයෙක් විම.ඒ කියන්නෙ අපි කවුරුත් ජිවිත කලේ වැඩියෙන්ම භාවිතා කරනFacebook,You Tube,Blogger,E-mail සහ MySpace, Twitter, Flickr,වැනි නොයෙකුත් එකිනෙකගේ අදහස්, ක්‍රියාකරකම් online ව හුවමරු කරගන්න network වල භාවිතය පහසු කිරීම.ඒ නිසාම Flock හඳුන්වන්නෙ එය Social web browser එකක් විදියටයි. පලමුවෙන්ම 2005 දි තමයි Flock 1.0 version එක හදුන්වා දුන්නෙ. මම දැනට භාවිතා කරන්නෙ flock 2.0 version ඒක නිසා ඒකේ තියන පහසුකම් ටිකක් කියන්නම්.

Facebook එකෙ chat කරනකොට ගොඩක් වෙලාවට මට වෙන දෙයක් තමයි ගොඩක් අය online ඉන්නවා ඒත් reply message ගොඩක් පරක්කු වෙලා එන්නේ,මොකද අපේ අය ගොඩක් වෙලාවට කරන්නෙ Facebook logවෙලා ඉඳගෙනම වෙන වැඩකට ඇති වැඩක් කරන එක, ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් මෙහිදි අපිට නැවතත් Facebook window එක ගන්න නම් අපි අපේ ප්‍රධාන කාර්ය්‍ය කරන window එකෙන් ඉවත් වෙන්න වෙනවා.ඒත් ෆ්ලොක් භාවිතා කරනවානම් එහෙම කරන්න ඕන වෙන්නෙ නැ, flock වල තිබෙන වින්ඩො එකෙ වම් පැත්තට ගත හැකි vertical “sidebar” එක මගින් අපගෙ ප්‍රධාන window එක වෙනස් නොකර new friend request ,posted new photos අදී දේ බලන්න මෙන්ම photos or videos පහසුවෙන්ම send කරන්නත් පුලුවන්.ඒ වගෙම horizontal “media bar”එකෙනුත් ප්‍රධාන window එක වෙනස් නොකර වෙනත් social network සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්.මෙහිදි ඇති විශේෂ වාසියවන්නේ photos සහ videos හුවමාරු කිරීමට කලයුත්තේ එවා Drag and drop කිරිම පමණි.

අපි වගේ අයට වදගත් වෙන තවත් Flock පහසුකමක් තමයි flock blog editor එක, මෙමගින් පහසුවෙන් ඕනම අවස්තාවක blog posts compose,edit කරන්නත් publish කරන්නත් පුලුවන්.
තවත් ,web clipboardඑක මගින් Text,photos සහ videos වගේ දේවල් පසු අවශ්‍යතාවයන්ට ගන්න save කරල තියාගන්න පුලුවන්. Flock ,Firefoxවගේම open source web browser එකක් ඒ වගේම flock Microsoft Windows,Mac OS X සහ Linux වල හොඳින් ක්‍රියා කරනවා.
Flock in ubuntu



ශ්‍රී ලාoකිකයකු ඇසිය යුතුම ගීතය

11:12 PM 2 Comments A+ a-

මව S.G.ජුලියට් පියා S.G.බබානිස් සහ සහොදරයන් සිව් දෙනෙක් ,සහොදරියක් වු පව්ලේ දෙවැනි පුතු ගාමිණී කුලරත්න නම් විය.1987 අගෝස්තු 27 දින යුඳ හමුඳාවට බැදුනු ගාමිණි සිoහ රෙජිමේන්තුව යටතේ අලිමන්කඩ සේවය කරමින් සිටිය දී (1991) හදිසියේ ත්‍රස්තවාදීන් 5000 පමණ කඳවුර වට කොට මරාගෙන මරෙන ප්‍රහාරයක් එල්ල කරන ලදි..එහිදී වෙඩි නොවදින ලෙස සකස්කල බෝම්බ පුරවන ලද විශාල බුල්ඩෝසරයක් කඳවුර තුලට එනු හසලක වීරයා නෙතු ගැටිණි....

.කාඩ්බෝඩ් විරයකු නොවු හසලක ගමිණිවරු කී දෙනෙක් යුඳ බිම තුල දිවි පුදා ඇත්ඳ?කැමරාව ඉදිරියේ පමණක් ලොකු වැඩ පෙන්වන බොරු පුස් වීරයන් ගැන මිස මොවුන් ගැන අපි දන්නෙහිද?

මම ubuntu වලට මාරු වුනා

3:24 PM 2 Comments A+ a-

මිදුනා.....බැම්මෙන් මා මිදුනා
බිදුනා.....සීමාවන් බිදුනා
මෙ අපේ නිදහසයි,
උබුන්ටු නිදහසයි!

ඇත්තටම කොච්චර simple ප්ලෑන් එකක් ද?
නිදහසේ වැඩ කරන්න.


උබුන්ටු වලට මාරු වුනා වගේම බ්ලොග් කලාව තුලත් මනුස්සයෙක් වෙන්න ඕන කියල මට හිතුනා,මුලදි නිකමට වගේ ආතල් එකට blog එක ලියුවත් අපේ ගොඩක් අයියලා බොක්කෙන් ලියන බ්ලොග් දැකලා මම ගොඩක් දෙවල් ඉගන ගත්තා.ඒ වගේම අයියලා මගේ බ්ලොග් එක කියවල බ්ලොග් එකේ අඩු පාඩු කියල තිබුනා.ඉතින් ඒ හැම දේටම බොක්කෙන් ස්තුතියි..

***කවි ලියන අපේම සූටියාට මගෙන් පොඩි කවියක්***

4:59 PM 3 Comments A+ a-

"ගැහැණු හුගක් ඇත
කිසිදා හිග නැත
කලබල නොවන් පුත
Art එක ලග ඇත...

ගැහැණුන් පියකරුය
සිත් කලඹන සුළු

එකකු
දාගත යුතු
නොසිත පොතපත ඉගෙන ගත යුතුය"

අපේ රටේ කෙල්ලන්ට ගිය කල......

7:54 AM 2 Comments A+ a-