ගස, මම සහ ඔබ..!

11:21 PM 5 Comments A+ a-


ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථිවිය විනිවිඳ යයි
දිය සොයා ගෙන මිස නොනවතියි,
ගිමන් කල හාමත්ව යයි
කොළ දළු සලා නිහඩව ඉදියි
එහෙත් ඒ නිශ්ශ්බ්දතාවෙහි අධිෂ්ඨානය කටිගැසෙයි
පොළෝ ගැබ සන්චිතවයෙයි....

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුඳු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස කිසිදාක සැනසෙන්නේ නොවෙයි.

ගසක් නම් ඉහළට වැඩෙයි...



~උපුටා ගන්නා ලද්ඳකි~


5 comments

Write comments
Narada
AUTHOR
February 19, 2009 at 5:57 AM delete

ජිවිතයට අවශ්‍ය සුභවාදී පණිවිඩයක් දෙන ඔබේ කවිය ඉතාම අලංකාරයි. දිගටම ලියන්න, සුභ පැතුම්. පින්තුරයත් ලස්සනයි.

Reply
avatar
Aravinda
AUTHOR
February 19, 2009 at 8:16 AM delete

මොකද හලෝ අනුන්ගෙ කවි කොපි කරන්නේ.

Reply
avatar
CharithD
AUTHOR
February 21, 2009 at 2:45 PM delete

@binku සමා වෙන්න.,මෙක මගේම එකක් නෙමෙයි..,මගේ හිතට වැඳුන එකක් නිසා ලියුවේ.

Reply
avatar
CharithD
AUTHOR
February 21, 2009 at 2:48 PM delete

@අරවින්ද
හලෝ කියලා කිව්වෙ මොන හිතකින්ද දන්නැ එත් එක මට එච්චර දිරවන්නැ....

Reply
avatar
Aravinda
AUTHOR
February 21, 2009 at 3:00 PM delete

කවියක් උපුටා ගන්න කොට උපුටා ගත්තේ කොහෙන් ද කාගෙන් ද කියලා ලියන්න. බලන්න බින්කු හිතලා තියෙන්නේ මේක ඔයාගේ කවියක් කියලා. මේ කවියේ නියම අයිතිකාරයට ඔබට විරුද්ධව නඩු දාන්න වුණත් පුළුවන්, බුද්ධිමය දේපළ පනත යටතේ.

මා මේ කවිය ඔබගේ නොවන බව පෙන්වා දුන් පසුවත් ඔබ කවිය උපුටාගත් තැන කවියාගේ නම සඳහන් කරලා නෑ. මට මතක හැටියට මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවියක්.

Reply
avatar