Do you know about "Flock"

5:49 PM 6 Comments A+ a-

අපේ රවින්ද ඡන්දයක් තිබ්බා, එකේ ප්‍රතිඵලත් නිකුත් කරලා ඒත් මම දන්න කියන ක්‍රියාකාරී නියෝජිතයකුට නාමයෝජනාවත් දීලා තිබුන්නැ..ඒ තමයි"Flock " මම ගොඩක් කල් ඉඳල භවිතා කරන්නෙ ෆ්ලොක්, ඒකෙන් කරන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා, ඒක හොඳම web Browser එක නොවෙන්න පුලුවන් එත් Flock වලටම අනන්‍ය වුනු ගොඩක් පහසුකම් ඒකේ අන්තර්ගතවෙනවා ,ඒත් මම ගොඩක් අයගෙන් අහල බැලුවා සමහර අය Flock ගැන අහලවත් නැ.

Flock කියන්නෙ Mozilla's Firefox මත පදනම් වි නිර්මණය කරපු web browser එකක් එත් Flock වල තියන විශේෂත්වය තමයි Flock, Social network පහසුකම් සැපයිමේ විශිෂ්ඨයෙක් විම.ඒ කියන්නෙ අපි කවුරුත් ජිවිත කලේ වැඩියෙන්ම භාවිතා කරනFacebook,You Tube,Blogger,E-mail සහ MySpace, Twitter, Flickr,වැනි නොයෙකුත් එකිනෙකගේ අදහස්, ක්‍රියාකරකම් online ව හුවමරු කරගන්න network වල භාවිතය පහසු කිරීම.ඒ නිසාම Flock හඳුන්වන්නෙ එය Social web browser එකක් විදියටයි. පලමුවෙන්ම 2005 දි තමයි Flock 1.0 version එක හදුන්වා දුන්නෙ. මම දැනට භාවිතා කරන්නෙ flock 2.0 version ඒක නිසා ඒකේ තියන පහසුකම් ටිකක් කියන්නම්.

Facebook එකෙ chat කරනකොට ගොඩක් වෙලාවට මට වෙන දෙයක් තමයි ගොඩක් අය online ඉන්නවා ඒත් reply message ගොඩක් පරක්කු වෙලා එන්නේ,මොකද අපේ අය ගොඩක් වෙලාවට කරන්නෙ Facebook logවෙලා ඉඳගෙනම වෙන වැඩකට ඇති වැඩක් කරන එක, ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් මෙහිදි අපිට නැවතත් Facebook window එක ගන්න නම් අපි අපේ ප්‍රධාන කාර්ය්‍ය කරන window එකෙන් ඉවත් වෙන්න වෙනවා.ඒත් ෆ්ලොක් භාවිතා කරනවානම් එහෙම කරන්න ඕන වෙන්නෙ නැ, flock වල තිබෙන වින්ඩො එකෙ වම් පැත්තට ගත හැකි vertical “sidebar” එක මගින් අපගෙ ප්‍රධාන window එක වෙනස් නොකර new friend request ,posted new photos අදී දේ බලන්න මෙන්ම photos or videos පහසුවෙන්ම send කරන්නත් පුලුවන්.ඒ වගෙම horizontal “media bar”එකෙනුත් ප්‍රධාන window එක වෙනස් නොකර වෙනත් social network සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්.මෙහිදි ඇති විශේෂ වාසියවන්නේ photos සහ videos හුවමාරු කිරීමට කලයුත්තේ එවා Drag and drop කිරිම පමණි.

අපි වගේ අයට වදගත් වෙන තවත් Flock පහසුකමක් තමයි flock blog editor එක, මෙමගින් පහසුවෙන් ඕනම අවස්තාවක blog posts compose,edit කරන්නත් publish කරන්නත් පුලුවන්.
තවත් ,web clipboardඑක මගින් Text,photos සහ videos වගේ දේවල් පසු අවශ්‍යතාවයන්ට ගන්න save කරල තියාගන්න පුලුවන්. Flock ,Firefoxවගේම open source web browser එකක් ඒ වගේම flock Microsoft Windows,Mac OS X සහ Linux වල හොඳින් ක්‍රියා කරනවා.
Flock in ubuntu



6 comments

Write comments
SRIshanu
AUTHOR
February 9, 2009 at 6:47 PM delete

ෆ්ලොක් 1.0 ආපු කාලෙ මමත් මේක ට්‍රයි කරල බැලුවා. ඔයාගෙ පෝස්ට් එක දැකලා ෆ්ලොක් සයිට් එක පැත්තෙ යන්න බැලුවා. ඒත් සයිට් අදාල තැන නෑනෙ??? http://www.flock.com

මාර ප්‍රශ්නෙ! :|

Reply
avatar
Unknown
AUTHOR
February 9, 2009 at 8:10 PM delete

ඇත්ත තමයි මම නාම යොජනා කැඳෙව්වෙ නෑනෙ. මට හිතිච්ච අයව දැම්මා.සමාවෙන්ඩ

Reply
avatar
Unknown
AUTHOR
February 9, 2009 at 8:10 PM delete

ඇත්ත තමයි මම නාම යොජනා කැඳෙව්වෙ නෑනෙ. මට හිතිච්ච අයව දැම්මා.සමාවෙන්ඩ

Reply
avatar
Indranama
AUTHOR
February 9, 2009 at 9:31 PM delete

ADSL ගත්ත අලුත මම විකාරෙං මේක පාවිච්චි කරා. මොකද ඒ කාලෙ කරේ facebook යන එක විතරනේ. ඒ වැඩේට නං රත්තරං බ්‍රවුසරේ ! ඊට පස්සෙ ෆයර්ෆොක්ස් වලට බැස්සා. ආපහු ට්‍රයි කරල බලන්න ඕනෙ බ්ලොග් ලියන වැඩේට. (මම දැනට නං ඒකට පාවිච්චි කරන්නෙ windows live writer)

Reply
avatar
CharithD
AUTHOR
February 10, 2009 at 12:47 AM delete

@SRIshanu ඔව්,මමත් flock eco-edition එක ගැන බලන්න ගොඩක් මහන්සි වුනා.,www.flock.com වැඩ කරන්නෙම නෑ..මොකඳ මන්ඳා.flock download කරගන්න ඕන නම් පහත link භාවිතා කරන්න පුලුවන්.
(4windows)
http://www.softpedia.com/progDownload/Flock-for-Windows-Download-28603.html

(4 ubuntu)
http://tnerd.com/2008/10/19/flock-20-how-to-install-flock-2-on-ubuntu-in-2-easy-steps/

Reply
avatar
CharithD
AUTHOR
February 10, 2009 at 1:02 AM delete

@ සුසිත
සුසිත මචෝ දෙපාරක්ම ලියලා තියෙන්නෙ තරහකින් නෙමෙයි නේ...අපේ ඡන්ද කොමාලට වෙනදෙවල්වල හැටියට ඕක මොකක්ද..මම නිකමට එහෙම ලිව්වෙ.

Reply
avatar