How to Recover Hacked Email Accounts?

1:14 AM 6 Comments A+ a-

මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google talk , Google maps , feedburner publisher සහ තවත් බොහෝ වෙනත් account රාශියක් ක්‍රියා කරන්නෙ. ඉතින් බැරි වෙලාවත් මගේ gmail එක කවුරු හරි Hack කරලා මගේ password වෙනස් කරලා තිබුනොත් sorry තමයි මොකද මට එහෙම උනොත් මගේ ඉහත කී එක site එකකටවත් යන්න බැරි වෙනවා.මට නම් ඒක හිතනකොටත් මොකද්ද වගේ ඉතින් මේ වගේ වෙලාවක කවුරු හරි අපේ account එක Hack කරලා තිබුනොත් අපි එකෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද ,අපි අපේ Account එක නැවත ගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න තමයි අද හදන්නේ.
තවදෙයක් තමයි අපිට හිතෙනවනම් අපේ account එකට තව කෙනෙක් log in වෙනවා කියලා අපිට ඒක හරියටම gmail වල නම් පහත රූපසටහනේ පරිදි තියන last account activities වල detail මගින් දැන ගන්න පුලුවන් එතනින් අපේ account එකට login වුනු හැම කෙනෙක්ගෙම IP සහ ඒ අයlog in වුනු වෙලාව පහත පරිදි සටහන් වෙනවා. හරි දැන් අපි අපේ මුලින් කී දේ ගැන බලමු.

  1. G-mail සඳාහා
Gmail වලටනම් අපේ account එක recovery කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා.පලමු ක්‍රමේ තමයි මෙතනට ගිහින් password එක reset කරන එක මෙතන මුලින්ම එන්නෙ අපිට අපේ password reset කරනgmail එක දෙන්න.

ඊට පස්සෙ අපිට ලැබෙන්නේ මේ window එකමෙතනදි තමයි අපිට අපි අපේ google account එකේ password recovery options ටික වැදගත් වෙන්නෙ ඉතින් ඔයාල කියවල බැලුවොත් තේරෙයි අපිට password reset කරන ලින්ක් එක, අපි අපේ google account එකේ දීපු recovery email address එකට තමයි යවන්නේ.මෙතනදි තියන වාසිය තමයි අපේ account එක වෙන කෙනෙක් password reset කරන්න හැදුවත් අපිට ඒක දැනගන්න පුලුවන් වෙන එක. ඉතින් අපි අපේ recovery email address එක විදියට වෙනස් password එකක් යොදාගත්තු account එකක් භාවීතා කිරීම ඉතා වැදගත්.google account එකට ගියොත් පෙනෙයි දැන් අපිට අපේ phone number එකත් recovery option එකක් විදියට දෙන්න පුලුවන් එතකොට password reset code එක sms එකක් මගින් එවනවා. පහත තියෙන්නෙ අපේ recovery email address එකට එවන mail එක .එතන ලින්ක් එක මගින් අපිට අපේ password එක reset කරගන්න පුලුවන්.
අපිට මේ ක්‍රමේට කරගන්න පුලුවන් වෙන්නෙ අපේ password recovery options ටික වැඩනම් නේ. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ අපේ account එක hack කරපු කෙනා මේ options ටිකත් වෙනස් කරන එක ඉතින් එහෙම කරලා තිබුනොත් අපිට තියන එකම පිහිට තමයි Account Recovery Form එක.
මෙතන ඉතින් ප්‍රශ්න පත්තරයක්ම තියනවා උත්තර දෙන්න අපි ඒවට කොච්චර නිවැරදිව උත්තර දෙන එක මත තමයි googleලා අපිට අපේ accountඑක නැවත දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.මොකද මේ ප්‍රශ්න පහත තියනවා එවායින් බලන්නේ ඇත්තටම මේ recover කරන්න හදන්නේ තමන්ගෙම account එකද කියලා.නැත්නම් කවුරුත් අනුන්ගේ ඒවත් recover කරයි නේ.

2.Yahoo සහ Hot mail සදහා

අවාසනාවට මේවට නම් තියෙන්නෙ එකම පිලිසරණයි. ඒ password recovery options වල secret questions එකට උත්හර දීලා හරි secondary email option එක මගින් recover කරගන්න එක. Forgot password link මගින් මේදේ කරගන්න පුලුවන්.

වැඩිදුර විස්තර ඕනනම් මේවත් බලන්න


6 comments

Write comments
Unknown
AUTHOR
June 5, 2010 at 8:33 AM delete

මචං ඇකා අර ප්‍රශ්න පත්තරේට උත්තර හැක් වෙන්න කලින් බලාගන්න තැනක් තියනවද? ලියල එහෙම තියාගන්න. account එක හදපු දවස ඒ වගේ විස්තර මොකද ගොඩක් අයට ඒව මතක නෑ දැන්.

Reply
avatar
June 5, 2010 at 10:11 AM delete

machan meka account history eka matha thiya ganna ona ne .....:( :( :( :( :(

Reply
avatar
June 5, 2010 at 3:24 PM delete

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

Reply
avatar
CharithD
AUTHOR
June 5, 2010 at 5:01 PM delete

@අයේෂ් ,සුසිත මචං මෙතන තියන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ඕන නෑ..මතක කීපයක් දුන්නම ඇති එත් අපිට 100% recovery කරගන්න නම් ඒ දේවල් ලියලා හරි කොහේ හරි තියා ගන්න එක වටිනවා.අපි අපේ mail delete කරන්නේ නැත්නම් inbox එකේ oldest ලින්ක් එක click කරලා අපිට gmail මගින් ලැබුනු welcome mail එකෙන් අපේ accountඑක හදපු දවස අරන් තියාගන්න පුලුවන්. google ලඟ අපේ මේ විස්තර තිබුනත් වෙන ගන්න ක්‍රමයක් නම් නෑ.
@www..ස්තුතියි ආරාධනයට,මම try කරා ඒත් මට register වෙන්න බැරි වුනා මම ආපහු බලන්නම්

Reply
avatar
June 5, 2010 at 5:44 PM delete

චරිත්.
email acct 1 hack කරන්නෙ බොහෝ විට අපි අවටම ඉන්න අපි දන්න කියන අය. ඒක නිසා මචෝ 4න් 1‍ට rec: Msg 1 එන එකේ පොඩි රිස්කි ගතියක් තියනව ‍‍නේද.

Reply
avatar
CharithD
AUTHOR
August 2, 2010 at 7:41 PM delete

මචං එරංග මෙතන තියන හොඳම ක්‍රමය හැටියට තමයි ඒක ගොඩක් අය සලකන්නෙ මොකද 4න්එක හැමතිස්සෙම අපිලගම තියන නිසා..අපේ ලගම එවුන්ගෙන් පරිස්සම් වෙන්න නම් හොද කල්පනාවෙන් ඉන්න වෙනවා නැත්නම් ඉතින් බඩුම තමයි :p

Reply
avatar