Wednesday, February 18, 2009

ගස, මම සහ ඔබ..!

5 comments

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථිවිය විනිවිඳ යයි
දිය සොයා ගෙන මිස නොනවතියි,
ගිමන් කල හාමත්ව යයි
කොළ දළු සලා නිහඩව ඉදියි
එහෙත් ඒ නිශ්ශ්බ්දතාවෙහි අධිෂ්ඨානය කටිගැසෙයි
පොළෝ ගැබ සන්චිතවයෙයි....

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඬ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුඳු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස කිසිදාක සැනසෙන්නේ නොවෙයි.

ගසක් නම් ඉහළට වැඩෙයි...



~උපුටා ගන්නා ලද්ඳකි~


Monday, February 9, 2009

Do you know about "Flock"

6 comments
අපේ රවින්ද ඡන්දයක් තිබ්බා, එකේ ප්‍රතිඵලත් නිකුත් කරලා ඒත් මම දන්න කියන ක්‍රියාකාරී නියෝජිතයකුට නාමයෝජනාවත් දීලා තිබුන්නැ..ඒ තමයි"Flock " මම ගොඩක් කල් ඉඳල භවිතා කරන්නෙ ෆ්ලොක්, ඒකෙන් කරන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා, ඒක හොඳම web Browser එක නොවෙන්න පුලුවන් එත් Flock වලටම අනන්‍ය වුනු ගොඩක් පහසුකම් ඒකේ අන්තර්ගතවෙනවා ,ඒත් මම ගොඩක් අයගෙන් අහල බැලුවා සමහර අය Flock ගැන අහලවත් නැ.

Flock කියන්නෙ Mozilla's Firefox මත පදනම් වි නිර්මණය කරපු web browser එකක් එත් Flock වල තියන විශේෂත්වය තමයි Flock, Social network පහසුකම් සැපයිමේ විශිෂ්ඨයෙක් විම.ඒ කියන්නෙ අපි කවුරුත් ජිවිත කලේ වැඩියෙන්ම භාවිතා කරනFacebook,You Tube,Blogger,E-mail සහ MySpace, Twitter, Flickr,වැනි නොයෙකුත් එකිනෙකගේ අදහස්, ක්‍රියාකරකම් online ව හුවමරු කරගන්න network වල භාවිතය පහසු කිරීම.ඒ නිසාම Flock හඳුන්වන්නෙ එය Social web browser එකක් විදියටයි. පලමුවෙන්ම 2005 දි තමයි Flock 1.0 version එක හදුන්වා දුන්නෙ. මම දැනට භාවිතා කරන්නෙ flock 2.0 version ඒක නිසා ඒකේ තියන පහසුකම් ටිකක් කියන්නම්.

Facebook එකෙ chat කරනකොට ගොඩක් වෙලාවට මට වෙන දෙයක් තමයි ගොඩක් අය online ඉන්නවා ඒත් reply message ගොඩක් පරක්කු වෙලා එන්නේ,මොකද අපේ අය ගොඩක් වෙලාවට කරන්නෙ Facebook logවෙලා ඉඳගෙනම වෙන වැඩකට ඇති වැඩක් කරන එක, ඒක ගොඩක් හොඳ දෙයක්. ඒත් මෙහිදි අපිට නැවතත් Facebook window එක ගන්න නම් අපි අපේ ප්‍රධාන කාර්ය්‍ය කරන window එකෙන් ඉවත් වෙන්න වෙනවා.ඒත් ෆ්ලොක් භාවිතා කරනවානම් එහෙම කරන්න ඕන වෙන්නෙ නැ, flock වල තිබෙන වින්ඩො එකෙ වම් පැත්තට ගත හැකි vertical “sidebar” එක මගින් අපගෙ ප්‍රධාන window එක වෙනස් නොකර new friend request ,posted new photos අදී දේ බලන්න මෙන්ම photos or videos පහසුවෙන්ම send කරන්නත් පුලුවන්.ඒ වගෙම horizontal “media bar”එකෙනුත් ප්‍රධාන window එක වෙනස් නොකර වෙනත් social network සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්.මෙහිදි ඇති විශේෂ වාසියවන්නේ photos සහ videos හුවමාරු කිරීමට කලයුත්තේ එවා Drag and drop කිරිම පමණි.

අපි වගේ අයට වදගත් වෙන තවත් Flock පහසුකමක් තමයි flock blog editor එක, මෙමගින් පහසුවෙන් ඕනම අවස්තාවක blog posts compose,edit කරන්නත් publish කරන්නත් පුලුවන්.
තවත් ,web clipboardඑක මගින් Text,photos සහ videos වගේ දේවල් පසු අවශ්‍යතාවයන්ට ගන්න save කරල තියාගන්න පුලුවන්. Flock ,Firefoxවගේම open source web browser එකක් ඒ වගේම flock Microsoft Windows,Mac OS X සහ Linux වල හොඳින් ක්‍රියා කරනවා.
Flock in ubuntu



Thursday, February 5, 2009

ශ්‍රී ලාoකිකයකු ඇසිය යුතුම ගීතය

2 comments

මව S.G.ජුලියට් පියා S.G.බබානිස් සහ සහොදරයන් සිව් දෙනෙක් ,සහොදරියක් වු පව්ලේ දෙවැනි පුතු ගාමිණී කුලරත්න නම් විය.1987 අගෝස්තු 27 දින යුඳ හමුඳාවට බැදුනු ගාමිණි සිoහ රෙජිමේන්තුව යටතේ අලිමන්කඩ සේවය කරමින් සිටිය දී (1991) හදිසියේ ත්‍රස්තවාදීන් 5000 පමණ කඳවුර වට කොට මරාගෙන මරෙන ප්‍රහාරයක් එල්ල කරන ලදි..එහිදී වෙඩි නොවදින ලෙස සකස්කල බෝම්බ පුරවන ලද විශාල බුල්ඩෝසරයක් කඳවුර තුලට එනු හසලක වීරයා නෙතු ගැටිණි....

.කාඩ්බෝඩ් විරයකු නොවු හසලක ගමිණිවරු කී දෙනෙක් යුඳ බිම තුල දිවි පුදා ඇත්ඳ?කැමරාව ඉදිරියේ පමණක් ලොකු වැඩ පෙන්වන බොරු පුස් වීරයන් ගැන මිස මොවුන් ගැන අපි දන්නෙහිද?

මම ubuntu වලට මාරු වුනා

2 comments
මිදුනා.....බැම්මෙන් මා මිදුනා
බිදුනා.....සීමාවන් බිදුනා
මෙ අපේ නිදහසයි,
උබුන්ටු නිදහසයි!

ඇත්තටම කොච්චර simple ප්ලෑන් එකක් ද?
නිදහසේ වැඩ කරන්න.


උබුන්ටු වලට මාරු වුනා වගේම බ්ලොග් කලාව තුලත් මනුස්සයෙක් වෙන්න ඕන කියල මට හිතුනා,මුලදි නිකමට වගේ ආතල් එකට blog එක ලියුවත් අපේ ගොඩක් අයියලා බොක්කෙන් ලියන බ්ලොග් දැකලා මම ගොඩක් දෙවල් ඉගන ගත්තා.ඒ වගේම අයියලා මගේ බ්ලොග් එක කියවල බ්ලොග් එකේ අඩු පාඩු කියල තිබුනා.ඉතින් ඒ හැම දේටම බොක්කෙන් ස්තුතියි..
Creative Commons License °·.?.·°හිතෙන දේ කියන තැන°·.?.·° by .MคNןU. is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 United States License.

~Get My ToolBar~

About Me

My Photo
Colombo, Sri Lanka
මම චරිත් දේශප්‍රිය ගම
මාතර දිඟුවැලිපුරවරේ...
වෙන්න පුලුවන් හමදේම
වෙලා ඒවට කරන්න පුලුවන් හැම දේම කරලා
දැන් පොඩ්ඩක් නිස්කලන්කව කැම්පස් ජීවිතේ ආතල් එක විදිනවා....
 

හිතෙන දේ කියන තැන. Copyright 2008 All Rights Reserved Revolution Two Church theme by Brian Gardner Converted into Blogger Template by Bloganol dot com