joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #1 (Introduction & Installation)

2:05 AM 12 Comments A+ a-

කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS (content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage කරලා දෙන එක. CMS එකක තියන ප්‍රධාන වාසිය තමයි අපිට මෙය භාවිතා කරන්න කිසිම විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. Joomla 1.මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්ථමානයේ බහුලව භාවිතා කරන්නේ joomla 1.5 .
පහත දැක්වෙන ඕනම ගණයෙ site එකක් අපිට joomla use කරලා පහසුවෙන්න හදා ගන්න පුලුවන්
  • Corporate Web sites or portals
  • Corporate intranets and extranets
  • Online magazines, newspapers, and publications
  • E-commerce and online reservations
  • Government applications
  • Small business Web sites
  • Non-profit and organizational Web sites
  • Community-based portals
  • School and church Web sites
  • Personal or family homepages
මේ හැමදෙයක්ම අපිට කරන්න පුලුවන් වෙන්නෙ විශේෂයෙන් joomla 1.5 වල තියන features නිසා.ඒවා වෙන වෙනම ඉදිරියෙදි අපි ඉගෙන ගමු.

දැන් අපි බලමු කොහොමද joomla භාවිතා කරලා තමන්ගෙම කියලා හොද website එකක් හදා ගන්නෙ කියලා. ඒකට අපි ඉස්සෙල්ලම joomla 1.5 install කරගෙන ඉමු. joomla install කරන ප්‍රධාන ක්‍රම 2ක් තියනවා

  1. Remote Host Installation:-w - ඒ කියන්නෙ hosting company එකක server එකක අපේ site එක host කර develop කරන්න යනවා නම්, එතකොට අපි අපේ site එක access කරන්නෙ Internet එක හරහා මේ විදියට joomla install කරන්න නම් ගොඩක් පහසුයි මොකද ගොඩක් hosting service providersලා එක click එකකින් joomla install කර ගැනීමේ පහසුකම සපයනවා.නැත්නම් localhost install කරලා මම කලින් post එකේ කියපු විදියට server එකට upload කරන්නත් පුලුවන්.
  2. Localhost Installation:-s - මේ කියන්නේ දෙයියනේ කියලා තමන්ගෙම computer එකේ joomla install කරන එක.

මේ මොනවිදියට කරත් joomla install කරන computer එකේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් කිපයක් තියනවා ඒවා තමයි..

  • operational Web server (Apache )
  • a database (MySQL )
  • server side scripting language (PHP)
කෙටියෙන් කිව්වොත් අපි කරන්න හදන්නෙ අපේ siteඑක අපේම server එකේ host කරන්න. ඉතින් එකට අපේ server එක MySql, php එක්ක Configure කරගන්න ඕන. අපි වෙන වෙනමApache, MySql, php manually install කරන්න ගියොත් ඇතිවෙන ලොකුම හිසරදේ තමයි Configure කරන එක . ඒක ටිකක් සංකීර්ණ නිසා මම මෙතන ඒක කියන්නෑ..කාට හරි manually install and configure කරන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනනම් කියන්න මම ඒකට වෙනම post එකක් දාන්නම්.

මේ ප්‍රශනේට පිළිතුර තමයි මේ software තුනම එකට configure කරලා එකට තියන ready made package එකක් භාවිතා කිරීම.හරිම ලේසියෙන් අපිට මේ package එකක් install කරගන්න පුළුවන් වගේම ඉහත තුනේම කාර්යන් මැනවින් මෙය ඉටුකරනවා.ඉතින් දැන් ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ පහතින් ගැලපෙන package එකක් තෝරාගෙන තමන්ගේ computer එකට install කරගන්න එක.

  • WAMP for Windows Down
  • MAMP for Apple Mac OSX Down
  • LAMP for Linux (and other Unix) Down
  • XAMPP Multi-platform –Mac Windows, Linux, Solaris, Down
හරි දැන් තියෙන්නෙ joomla install කරගන්න .ඒකට කරන්න තියෙන්නෙ අපේ දැන් install කරගත්තු (ready made package ) server එකේ root directory එකට ගිහින්( WAMP නම් www, XAMPP නම් htdocs) අපි download කරගත්තු joomla 1.5.zip file එක extract කරන එක. joomla තියෙන්නෙ .zip file එකක් විදියට අපිට තියෙන්නෙ root directory එකට extract කරන්න විතරයි. ඔන්න දැන් තමයි joomla install කරන්න පටන් ගන්නේ, මම කියලා දෙන්න යන්නෙ Web Browser Installation එක.


පියවර 1

දැන් web browser එක අරන් එකේ localhost( 127.0.0.1) කියලා type කරන්න.මෙතනදි ඔයාලා joomla.zip extract කලේ root directory එක අතුලෙනම් localhost දෙන්න.එහෙම නැතුව තවත් sub directory එකක් අතුලේ unzip කරානම් එකත් එක්ක url එක දෙන්න.e.g :- joomla කියන folder එක අතුලෙ unzip කරානම්localhost/joomla කියලා url එක දෙන්න. URL එක දීලා Enter කරපු ගමන් ඔයාලට දකින්න ලැබෙනේ පහත වගේ screen එකක්


මෙතනින් තියෙන්නෙ අපිට භාෂාව තෝරන්න, default එන්නෙ English(UK) අපිට පස්සෙ ඕන නම් සිංහල දාගන්න පුලුවන් දැනට English(UK) තෝරමු. යමු Next


පියවර 2
Pre-installation Check


මෙතනින් කරන්නෙ joomlaවලට අවශ්‍ය කරන වෙනත් අධාරක හරියට තියද කියලා බලන එක.මේක නිකං error handling එකක් වගේ මෙතන එක කොටසක හරි No කියලා තිබුනොත් ඒ කියන්නෙ එතන මොනවහරි අවුලක් එහෙනම් අපිට ඒක නිවැරදි කරන වෙනවා. ඔක්කොම yes නම් Next

පියවර 3

වැඩක් නැත්නම් License එක කියවන්න නැත්නම් accept කරලා යමු.

පියවර 4


මෙතනින් කරන්න තියෙන්නෙ අපෙ site එක link කරන database එකේ තොරතුරු ටික දෙන එක. database එකක් නැත්නම් අලුතෙන් හදා ගන්න. SQL උදව් ඕන නම් මෙතනින් ගන්න.(Wamp, Xampp default User Name එක root විදියටත් Password එක හිස්වත්, Password එකක් නැතුව තමයි එන්නෙ. )




පියවර 5

ඊළග පියවර වෙන්නෙ FTP account configure කරන එක. අපි තාම localhost කරන නිසා මේක අවශ්‍ය නෑ..


පියවර 6

මේ පියවරෙදි අපිට අපේ website එකට නමක් දෙන්න පුලුවන් ඒ වගේම අව්ශ්‍යනම් admin e-mail එක දෙන්න.වැදගත් දේ තමයි password එක මේක use කරලා තමයි පස්සේ අපිට site එකට login වෙන්න පුලුවන් වෙන්නෙ.අනිත් වැදගත් දේ තමයි sample data. ඔබ joomla වලට අලුත් නම් Sample Data install කරගන්න.එවිට අපෙ site එකට default content එකතු වෙනවා ඒ මගින් අපිට jooomla features අධ්‍යනය කරන්න පුලුවන්.


පියවර 7



අපිට මේ screen එක ලැබුනා කියන්නෙ අපේ joomla installation එක හරි. එත් වැඩ පටන් ගන්න නම් තවදෙයක් කරන්න තියනවා.ඒ තමයි අපේ Server package installation එකේ root directory එකට ගිහින් එකේ තියන පහත පෙන්නා ඇති installation folder එක delete කරන එක.

මෙම installation folder එක ඉවත් කරනකම් එතනින් ඉදිරියට මුකුත් කරන්න බෑ. එක නිස්සා එක ඉවත් කරලා admin හෝ site button එක use කර පහත login screen එක ගන්න පුලුවන්.joomla වල default Username එක වෙන්නෙ admin ,password එකට අපි පියවර 6දි භාවිතාකරපු එක use කරන්න ඕන.



අපි පියවර 6දි sample Data install කරපු නිසා login වෙලා preview බැලුවොත් අපේ siteඑක ලස්සනට බලාගන්න පුලුවන්.හැබැයි ඒ අපිට ඕන විදියට නෙමෙයි.ඒ නිසා මේක අපිට ඕන ව්දියට හදා ගන්නෙ කොහොමද කියලා ඉදිරියෙදි බලමු. මේ වගේ joomla demo එකක් මෙතනින් බලාගන්න.

පට්ට Websites අංක 2

11:30 AM 4 Comments A+ a-

ඔන්න අදත් මට පට්ටයි කියලා හිතෙන web sites ටිකක් ගැන කියන්නයි හදන්නේ.



1.

මේක private note ( password or other sensitive information )එහෙම යවන්න කියාපු site එක වැරදි වැඩ වලට නම් යොදාගන්න එපා.මේකෙන් වෙන විශේෂ දේ අපිට කාට හරි කියන්න ඕන පණිවුඩයක් එකපාරක් විතරක් බලන්න පුලුවන් විදියට යවන්න පුලුවන් වීම (note will self-destruct after being read.) Site එකට එකට ගිහින් අවශ්‍ය පණිවුඩය create කරාම ඔවුන් අපට link එකක් දෙනවා ඒක අපිට අපේ note එක ලබන්නාට යවන්න පුලුවන්( e-mail , sms or වෙනත් ක්‍රමයකින් ) දැන් ඔහුට ඒ link එක භාවිතා කරලා note එක බලාගන්න පුලුවන්.එක වරක් ඒ link එක accessed වුනු ගමන්ම ( අපිට e-mail එකකින් ඒ බව දැන ගන්නත් පුලුවන්. ) link එක delete වෙනවා.



2.


අපේ Bloggersලත් ගොඩක් අය මේක use කරනවා.මේකෙන් පුලුවන් ඔයාලගෙ nick name එක Blog name එක එහෙම ලස්සනට හදාගන්න.

eg :-s °·.?.·°.MคNןU.°·.?.·°

.:*~*:._.:*~*:. හිතෙන දේ කියන තැන .:*~*:._.:*~*:.


3.


මෙතන කලාකරුවන්ට කියාපු තැන කලාකරුවෝ කිව්වේ ච්ත්‍ර අඳින්න කැමති අය. මෙතනින් තමන් හොඳ චිත්‍ර ශිල්පියෙක් නම් තමන්ගේ චිත්‍ර rate කර ගන්නත් තෑගි දිනා ගන්නත් පුලුවන්. නැතිනම් චිත්‍ර අඳින්න ඉගෙන ගන්නත් පුලුවන්, හොද චිත්‍ර රසවිදින්නත් පුලුවන්.

4. Mind reader

Mind Reader එක ගැන කව්රුත් අහලා ඇතිනේ මේ online MR එක. පොඩ්ඩක් ගිහින් බලන්න කෝ. ඇත්තටම මෙතන වෙන්නෙ පොඩි ගණිත ව්ජ්ජාවක් මෙතනදි කියන්නෙ තමන් කැමති ඕනම අංක දෙකේ ඉලක්කමක් අරන් අංක දෙක එකට එකතු කරලා මුල් සංඛ‍යාවෙන් එක අඩුකරලා ඊට අදාල symbol එක බලන්න කියලා. ඊට පස්සෙ අපි Crystal ball එක උඩ click කරාම එකත් අපිට ඒ symbol එකම පෙන්නනවා. ඇත්තටම පුදුමයි එත් මෙතනදි වෙන්නෙ අපි අංක දෙකේ ඉලක්කමක් අරන් ( ඒ කියන්නෙ 10-99) අංක දෙක එකට එකතු කරලා මුල් සංඛ‍යාවෙන් එක අඩුකරනකොට හැම තිස්සෙම අපිට ලැබෙන්නෙ නවයේ ගුනාකාර ( 9,18,27,36...) ඉතින් පොඩ්ඩක් symbol list එක දිහා හොදට බැලුවොත් ඔයාලට පෙනෙයි හැම නවයේ ගුනාකාරයකටම තියෙන්නෙ එකම symbol එක කියලා. හොඳම දේ තමයි අපි Crystal ball එක උඩ click කරන වාරයක් පාසා symbol list එකේ නවයේ ගුනාකාර වලට තියන symbol එක මාරු වීම නැත්නම් අපිට හැම තිස්සෙම ලැබෙන්නේ එකම symbol එකනේ. මේ වගේ තවත් Flash project හදාපුවා ගැණ මෙතනින් බලාගන්න පුලුවන්.

5.

ලස්සන art works කරන්න කැමති අයට ලස්සන e-cards, තමන්ගෙ මුණ දාලා images වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් තැනක් කම්මැලි වෙලාවක :-w ගිහින් බලන්නකෝ.

6.

Spam කරදරේ නිසා තමන්ගේ e-mail එක ප්‍රසිද්ධ කරන්න අකමැති සහ තමන්ගෙම කියලා contact form එකක් හදා ගන්න බැරි අයට ලෙසියෙන් contact form එකක් හදාගන්න පුලුවන් තැනක් මේ. අපිට හදාගත්තු එක අපේ site එකට embed කර ගන්න වගේම link එකක් විදියට අපේ site එකේ use කරන්නත් පුලුවන්.

7. www.ip-address.com

ඕනම IP address එකක් site එකක්,හො host එකක් trace කරලා ඊට අදාල ගොඩක් විස්තර දැන ගන්න, ගොඩක් දේවල් කරගන්න පුලුවන් තැනක්.

තමන්ගෙම කියලා Website එකක් (Free+Hosting+Domain)

8:45 PM 18 Comments A+ a-

අද අපි බලමු තමන්ගෙම කියලා ඉතාමත්ම ඉක්මනින් සහ සම්පුර්ණ නොමිලේ website එකක් හදාගන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට මෙක අලුත් දෙයක් වෙන එකක් නෑ එත් මම උත්සාහ කරන්නෙ ඉදිරියට මම කරන්න ඉන්න joomla(ජූම්ලා ) පාඩමට අරම්භයක් ගන්න. මම මේක පියවර තුනකින් විස්තර කරන්නම්.
  • 1.පියවර:-wWebsite එක නිර්මණය කර ගැණීම.
HTML/CSS ගැන මූලික දැණුම තියන අයෙකුට පහසුවෙන් මේක කරගන්න පුලුවන්නෙ.එහෙම නැත්නම් ඉතින් joomla වගේ CMS එකක පිහිට තමයි.ඒ ගැන ඉදිරියෙදි කතා කරමු .මම මෙතනදි කාටත් තෙරෙන විදියට සරල html homepage එකක් හදන විදිය උදාහරණයට ගන්නම්.මම මෙතනදි frame use කරලා තමයි කරන්නෙ.තමන්ට ලේසි විදියකට කරන්න පුලුවන්.මේ තියෙන්නෙMain frameset page එක.homepage එකේදි raw එකටයි colum දෙකටයි වෙන වෙනම HTML pages link කරලා තියෙන්නෙ.ඒ කරපු pages දෙකෙත් code ටික පහතින් තියනවා ඒවා ඉතින් තමන් කැමති විදියට හැඩට හදාගන්න.(HTML ටිකනම් වැඩිය ගනං ගන්න එපා :P)

Framset.html

<html>
<head>

<title> frrames demo</title>
</head>


<frameset rows="180,*" bordercolor="#ECE9D8">


<frame src="header.html" name="header" frameborder="yes" scrolling="no" noresize bordercolor="#FF0000" />


<frameset cols ="110,*">


<frame src="left.html" name="menue" frameborder="yes" scrolling="no" />
<frame src ="http://charithdeshapriya.blogspot.com/" name="content" frameborder="yes" noresize /> මෙතන frame එකට මගේ blog එක ලින්ක් කරලා තියෙනේ



</frameset>
</html>



header.html

<html>
<title> UseCar.com</title>

<head>
</head>

<body bgcolor=#F5DEB3>


<marquee BEHAVIOR=ALTERNATE><p><font color = "white" bgcolor ="black" size="15" >~MANJU~</font></p></marquee> <marquee DIRECTION=RIGHT >
<img src="image/luxury.gif" >
<img src="image/suv.gif" >
<img src="image/truck.gif" >
<img src="image/hybrid.gif" >
<img src="image/minivan.gif" >
<img src="image/passenger.gif" >
<marquee BEHAVIOR=ALTERNATE> <img src="image/sports.gif" ></marquee> </marquee>


</body>
</html>



left.html

<html>
<head>
<title> right</title>
</head>

<body bgcolor="#FFDF00">

<table width="100" border="0" cellpadding="0" cellspacing="1" bgcolor="#000000">
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Home</td>
</tr>
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Images</td>
</tr>
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Help</td>
</tr>
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Contact</td>
</tr>
</table>

</body>
</html>

මෙක පොඩි Menu එකක් හදාගන්න විදිය.

  • 2.පියවර:-HHostකිරීම.
දැන් තියෙන්නෙ අපි හදා ගත්තු website එක host කර ගන්න එක. මෙතනදි කාට හරි ඇයි අපේ Computer එකේම host කරන්න බැරි කියලා ප්‍රශ්නයක් එනවනම් එකට උත්තරේ තමයි:D.
  1. අපිට එහෙනම් static I.P. address එකක් ඕන.
  2. 24*7 Internet connectivity තියෙන්න ඕන.
  3. Web server Software තියෙන්න ඕන.
  4. අපේ OS (Operating Sysytem)එකත් එළකිරි වගේ තියෙන්න ඕන.
මෙ ටික තියනවනම් අපිට වුනත් අපේ website එක Host කරන්න පුලුවන්.එත් අඪුව තියෙද්දී අත පුච්ච ගන්න ඕන නෑ නේ.අපිට hosting පහසුකම් සපයන අය ඕනතරම් Google search පාරක් දැම්මොත් හොයාගන්න පුලුවන්.එත් නොමිලේ හොද සේවාවක් දෙන්නෙ ටික දෙනයි.ඒ වගේ එක්ක තමයි FreeHostia . එකට ගිහින් තමන්ගෙ කියලා account එකක් හදාගන්න.දැන් ඉතින් තියෙන්නෙ අපේ හදා ගත්තු pages ටික Server එකට upload කරන එක. අපේ උදාහරණෙ නම් තියෙන්නෙ pages කීපයයි. ඒ ටික Freehostia එකේ Control panel>File Manager ඉදන් Browse කරල වෙන වෙනම එක එක upload කරන්න පුලුවන්.එත් අපිට ගොඩක් pages තියනවනම් වෙන වෙනම එක එක upload කරන්න බෑ (joomla වගේ එකක් localhost කරොත් එකේ pages සියගානක් තියනවා).මේ නිසා අපි මේ සදහාFileZilla වගේ FTP Client එකක් use කරනන් ඕන. එකට අපිට FTP account එකක් තියෙන්න ඕන.අපේම Hosting service provider තමයි ඒ පහසුකම අපිට සපයන්නේ.ඉතින් අපි හදා ගත්තු freehostia control panel ගිහින් FTP Manager එකෙන් account එකක් හදාගන්න.දැන් FTP account ඒක use කරලා FileZilla මගින් අපිට අපේ pages ඕන තරමක් ලේසියෙන්ම server එකට upload කරගන්න පුලුවන්. මේ සියල්ල කරන හැටි මම කරපු vedio එකේ තියනවා ඒක බලන්න.



  • 3.පියවර:-තමන් කැමති Domain Name එකක් දා ගැනීම

අපිට සාමන්‍යයෙන්Domain Name එකක් Hosting service providerගෙන් ලැබෙනව එත් එක වෙනත් subdomain එක්ක තමයි තියෙන්නේ. FreeHostia නම් freehostia කියන subdomain එක යටතේ තමයි URL එක ලැබෙන්නේ. ඉතින් අපිට කැමති කෙටි නොමිලේ URL එකක් ගන්න නම් ඉතින් Dot.tk තමයි. මෙකේ Register විමක් නැතුවත් අපිට URL එකක් ගන්න පුලුවන් name.tk කියලා තමයි දෙන්නේ.එකට කරන්න තියෙන්නෙ මෙතනට ගිහින් අපිට Hosting service providerගෙන් ලැබුනු URL එක දීලා අපි කැමති URL එකකට Rename කරගන්න එක.දැන් ඉතින් අපිට අපේම කියල URL එකක් එක්ක website එකක් තියනවා හොදයි නේද? මේ සදහන් කරපු සියල්ල කරන විදිය මේ Video එකේ තියනවා අපහැදිලි තැනක් තියනවනම් බලන්න.වැඩි විස්තර ඕන නම් Comment එකක් දාන්න.





  • Free hosting services Providers
  1. FreeHostia
  2. 000WebHost
  3. AwardSpace
  • Free Domain Names
  1. Dot.tk
  2. CO.CC

මේ තමයි උදාහණෙට හදපු website එක. තව දෙයක් dot.tk වල ඔයාලගේsite එකට දවස් 90කට hits 25ක් වත් නැත්නම් url එක suspend කරනවා.

I'M BACK

12:54 PM 0 Comments A+ a-

ඔනන ඉතින් ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ අවේ , post එකක් ලියන්න බැරි වුනාට අනිවා අනිත් අයගේ post කියෙව්වා.මේ ඔක්කොම ජරමර exam හින්දා හොදකම කියන්නෙ සමහර subject තියනවා කියලා දන්නෙත් exam ලංවුනාම,මේ පාර ගොඩක් lectures cut වුනා මොකද පොඩි එවුන්ගෙ welcome එකට මහන්සි වුනානේ.කොහොම හරි ඔක්කොම හොදට කරගත්තා exam එකත් අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. මේ හදන්නේ වැදගත් මුකුත් ලියන්න නෙමෙයි.හදිස්සියේ ලියන්නෙ මගේ blog එක SBU එකෙන් අයින් කරලද කියලා බලන්නත් එක්ක මොකද මාසෙකින් විතර මුකුත් ලිව්වෙ නෑ නේ.ඉස්සරහට මම හිතන් ඉන්නෙ දැනට ලියන ඒවට අමතරව සිංහලෙන් ජූම්ලා(joomla) ගැන ලියන්න.මොකද කව්රුත් කැමතියි නෙ තමන්ගෙම කියලා හොද website එකක් හදාගන්න.ඔයාලගෙ අදහස් මොනවත් තියනවනම් කියන්න.එහෙනම් හොද අලුත් දෙයක් එක්ක හමුවෙමු.